මෝටර් රථයක් තුළ සිරවූ 17 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට…

පිළියන්දල ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිරවී 17 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ පිළියන්දල ජය මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

නිවසේ අන් කිසිවකු නොමැති අවස්ථාවක නිවසේ නවතා තිබූ මෝටර් රථයට ඇතුළු වූ දරුවා රථයේ අගුළු දමාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

වාහනයේ දොරවල් විවෘත කිරීමට නොහැකි වීමෙන් දරුවා සිරවී ඇත.‍


ඔහුගේ පියා නිවසට පැමිණ මෝටර් රථය තුළ සිට දරුවා ඉවතට ගන්නාවිට  ඔහු  බරපතළ තත්ත්වයෙන් පසුවී  තිබේ.

ඔහු කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version