සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොඩියුලයේ සිද්ධියට CID ගියේ ඇයි… අධ්‍යාපන ලේකම් හේතුව කියයි!

by editor
ජනවාරි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ප්‍රශ්නකාරි වෙබ් අඩවියක් 06 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයට ඇතුළත් කළේ කවුද යන්න අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් පහසුවෙන් සොයා ගැනීමට හැකි වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ඒ තුළ කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී තිබේද යන්න සොයා ගැනීමට බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව  පවසයි.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කළ දවසේ සිට මේ දක්වා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තොරතුරු විශ්ලේෂණය කිරීමේදී මේ තුළ යම් කුමන්ත්‍රණයක් තිබුණේද යන සැකය ඉස්මතු වන බවද  ඔහු කීවේය.

මහනුවර දී අද (08)  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා   මෙසේද පැවසුවේය.

“ඕනෑම ආයතනයක් තුළ අභ්‍යන්තර ක්‍රියාවලියක් තිබෙනවා. ඒ ක්‍රියාවලිය මගින් මේක කළේ කවුද කියන එක බොහොම පහසුවෙන් සොයා ගත හැකියි. ඒවා සියල්ල  ලේඛන ගතව තියෙනවා. ඒක විශේෂයෙන් හොයන්න දෙයක් නෙවෙයි. “

ප්‍රශ්න සහගත පොත් ගත්තම ඒක ලිව්වේ කවුද කියන එක අපි දන්නවා. ඒත් එයා ඒක ඇයි ලිව්වේ කියන එක අපට අභ්‍යන්තර පරීක්ෂණයකින් හොයන්න බැහැ.  ඒක අපේ සීමාවෙන් ඔබ්බට ගිය එකක්.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

සිද්ධියේ බරපතළ කමත් මේක පසුපස කුමන්ත්‍රණයක් සිදු වුණාද කියන සාධාරණ සැකය අපිට අමාත්‍යාංශයක් විදිහට ඇති වෙනවා. පැමිණිල්ල කළ දවසේ සිට අද දක්වා සමාජ මාධ්‍ය වල සිදුවන කතා බහ දකින විට මට දැනුන දේ තහවුරු වෙනවා. මේක ධනාත්මකව බලලා අපෙන් වූ වැරදි පිළිගෙන ඒක නිවැරදි කරනවා වගේම මෙතන වෙනත් කාරණා කිහිපයක් සාකච්ඡා වෙනවා. මේක හිතාමත නොකළ අහිංසක වරදක්ද නැතහොත් මේ පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් තිබෙනවාද  කියන එක අපි සොයා ගත යුතුයි.

සිද්ධිය සම්බන්ධයෙන්  මේ වනවිට අභ්‍යන්තර පරීක්ෂණ තුනක් සිදු වෙනවා. ඒවාහි නිර්දේශ අනුව විනය ක්‍රියාමාර් ගන්නවා. නමුත් මෙතන ඊට එහා දෙයක් තිබෙනවා ද කියලා සෙවීම සඳහා තමයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට පැමිණිලි කළේ. ඔවුන්  කිව්වොත් මෙතන තිබෙන්නේ අභ්‍යන්තරව සිදුවූ අතපසුවීමක් කියලා ඒක අපි පිළිගන්නවා.

එහෙම නැතුව මේක හිතාමතා කාගේ හරි පෙළඹවීමක් නිසාද කළේ එසේ නම් ඒ පෙළඹවීම කුමන අරමුණකින් කවුරුන් විසින් කළේද යන්න සොය ගැනීම තමයි අපේ අරමුණ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනම්පිටිය ටිපර් රථ රියදුරු ඝාතනය – සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

Next Post

කුවේට් බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක් නිසා පැය දෙකකට පසු යළි ගෙන්වා ගනී!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.