මෛත්‍රී අත් අඩංගුවට ගන්න… කාවින්ද සීඅයිඩී ගොස් පැමිණිල්ලක් කරයි!

කීර්ති ප්‍රනාන්දු –

පුරා වසර පහක් තිස්සේ පාස්කු ප්‍රහාරකයා සම්බන්ධව දැනගෙන තොරතුරු වසන් කළ බව ස්වයං ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින්    අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් කාවින්ද ජයවර්ධන පැවසුවේ මේ පාස්කු අපරාධකරුවා සම්බන්ධ තොරතුරු රහසිගතව  තබා ගත යුත්තක් නොව, රටම දැනගත යුතු කරුණක් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වහාම මෛත්‍රීපාල සිරිසේන අත් අඩංගුවට ගෙන විමර්ශනයක් කර පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය හෙළි කරගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට විශේෂයෙන් දන්වා සිටින්නේ මේ සමූහ ඝාතක අපරාධකරුවා සම්බන්ධව රටට හෙළි කරන ලෙසය.

 

 

Exit mobile version