මේ වේදනාව දරන්න බෑ… දැන්වත් එකතු වී වසංගතය පාලනය කරමු… හීන්මැණිකේ ගේ දේහය දෙස බලාගෙන වන්නිලා ඇත්තන් කී සංවේදී කතාව

ගතවන්නේ ලෝක ධර්මතාව අවබෝධ කරගත යුතු කාලයක්...

ජීවිත කාලය පුරා එකට සිටි අයෙකු නොසිතු ලෙස වෙන්ව ගියපසු ඒ අඩුව කිසිදු අයුරකින් පිරවිය නොහැකි බැවින් සැවොම එක්ව කොරෝනා වසංගතය පාලනය කිරීමට මූලිකත්වය ගත යුතුව ඇතැයි වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ පැවසුවේය.

එකට අත් අල්ලාගෙන ජීවන ගමනේ යමින් සිටි සහකාරිය අතරමගදී අත් අතහැර ගිය විට දැනෙන වේදනාව සුළු පටු නැති බවත් මේ අදාල වී තිබෙන්නේ ලෝක ධර්මතාවය අවබෝධ කරන්න කාලයක් බවත් හෙතෙම කීය.

සිය බිරිඳගේ මරණය සැළ වීමෙන් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලට අද (05) පැමිණි අවස්ථාවේ හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.


කොවිඩ් වෛරසය වැළඳී විශාල දහස් ගණනක් අප අත්හැර ගොස් තිබෙන බවත් ඔවුන්ගේ අහිමිවීම නිසා සාදාකාලිකව වේදනාවෙන් පසුවන තවත් විශාල පිරිසක් සිටින බවත් වන්නියලෑ ඇත්තෝ කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවදානම් අවස්ථාවේ පවතින බැරෑරුම් තත්ත්වය පිළිබඳව සියලු දෙනා අවබෝධ කරගැනීම වැදගත් බවත් කොවිඩ් නිරෝධායන නීති රීති ගරුකරමින් කටයුතු කිරීම සියලු දෙනාගේ යහපතට හේතුවනු ඇති බවත් වන්නියලෑ ඇත්තෝ කීහ.

Exit mobile version