මේ මහා ආර්ථික අර්බුදය ඇති වෙන්න මූලිකම හේතුව  ඉල්ලන්නේ මොනවාදැයි නොදැන සහන ඉල්ලූ ජනතාවයි…

නිර්මාණය වූ මහා ආර්ථික අර්බුදයට මූලික හේතුව තමන් ඉල්ලන්නේ කුමක් දැයි නොදැන ඉල්ලීම් කරමින් දේශපාලකයින් පත් කර යැවූ ජනතාව සහ එම ඉල්ලීම් ඉටුකිරීම සඳහා දේශපාලකයින් විචාරයකින් තොරව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය භාවිතා කිරීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේය.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  අර්බුදය තුළ නීතියේ කාර්ය භාර්යය මැයෙන් අග විනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන්  ඊයේ පැවති ජාතික නීති සම්මන්ත්‍රණය අමතමිනි.

ඔහු පැවසුවේ ආර්ථික අර්බුදයට හේතුව වූයේ   ආර්ථික ක්‍රිියාකාම් හෝ තීරණ පමණක් නොවන බවය. එය දශක කීපයක් ඔස්සේ ඇදි ඇදී එන කාරණයක් බව මහ බැංකු අධිපතිවරයා කීවේය.

“ප්‍රධානතම හේතුව තමයි මූල්‍ය අසමතුලිත තාවය. රජය සිය ආදායමට වඩා වියදම් කිරීම, විශාල අය වැය පරතරයක් පවත්වාගෙන යෑම, පරතරය පියැවීමට ණය ලබා ගැනීම ආදිය   මීට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දිය හැකියි. “


“ණය ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට රජයේ ණය ස්වෛරීත්ව ණය ආදිය නොසිතූ ලෙස ඉහළ ගියා. මා රජයට විතරක් ඊට දොස් කියන්නෙ නෑ. “

“රජය කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මූලිකව කරන්නේ ජනතාව ඉල්ලන දේ ලබා දීමයි. ඔබ වැඩිපහසුකම් ඉල්ලුවොත්, බඩු අඩු කරන්න කිව්වොත්, ඉන්ධන මිල අඩුකරන්න කිව්වොත් ඔබ මේ ඡන්දයෙන් පත් කර යවන නියෝජිතයො ඒ පොරොන්දු ඉටු කිරීම සඳහා පාවිච්චි කරන්නේ මූල්‍ය ප්‍රතිපත්ති. “

“මෙතන තියන මූලිකම වැරැද්ද   රජයවත් කැබිනට් මණ්ඩලයවත්, මූල්‍ය ප්‍රතිපත්තියවත් නොවෙයි… ජනතාව සහන ඉල්ලා සිටීම. මේ නිසා තමයි කියන්නෙ ජනතාව හැටියට ඔබ තේරුම් ගත යුතුයි මොනවද ඔබ ඉල්ලන්නෙ කියලා.”්‍

“ඔබ ඉල්ලා සිටින දෙය ඔවුන් ලබා දෙන විට එය ආර්ථික අර්බුදයකට මග පාදනවා. එවිට කවදාවත් ඔබට හොඳක් නම් සිද්ධ වෙන්නෙ නෑ.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ වගේම රටටත්.” මහ බැංකු අධිපතිවරයා කීවේය.

 

Exit mobile version