මේ දේශපාලකයින්ගේ දේපල හානිවලට වන්දි ගෙවන්න නොවෙයි… වත්කම් ඔප්පු කරගන්න බැරිනම් නඩු දාන්න….

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ රටට කියයි..

පුබුදු ජයගොඩ...

බඩගින්නේ පෙළෙන අසරණයින්ට ආහාර බෙදා දීමේ මානුෂික වැඩපිළි‍වෙළ වහාම නවත්වා  දිස්ත්‍රික් ලේකම්වරුන්  හරහා    අද දිනයේ ගෙන්වා ගත්  මැයි 09  සිද්ධීයෙන් විනාශ වුණ පොහොට්ටු ප්‍රාදේශීය දේශපාලකයින්ගේ  වත්කම් වහාම ප්‍රකාශ කරන ලෙසත්, ජනතා ධනය කොල්ලකා මාලිගා හැදූ මේ බොහෝ දේශපාලකයින්  සම්බන්ධව  කළ යුත්තේ  වන්දි ගෙවීම නොව,   අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධව    නඩු පැවරීම  බවත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  අද (26)  කොළඹ  පැවති  මාධ්‍ය සාකච්චාවකද දී පැවසුවේය.

මේ  පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගන්නා ලෙස  බලකරමින්  ඔහු මෙසේ ද කීවේය.

“ඊයෙ වනවිට දිස්ත්‍රික් ලේකම් වරුන්ට දැනුම් දීලා තිබුණෙ තමන්ගෙ දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවයෙන් යුතු පවුල්  හඳුනාගන්න… ප්‍රමුඛතාවය දීලා ආහාර ටික බෙදන්න කියලා. “

“එහෙත් අද උදේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයෙන් යවලා තියනවා  සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමක්.. අමාත්‍යාංශ ලේකම් එම්එම් පී කේ මායාදුන්න තමයි ලියුමට අත්සන් කරලා තියෙන්නෙ.“


“ඒ ලියුමෙන් කියන්නෙ සියලු කටයුතු නවත්වන්න… ප්‍රමුඛතාවය ලබා දීලා මැයි 09 දා රාත්‍රියෙ    හානි කිරිමට ලක් වූ  ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ හානිකිරීමට ලක් වූ දේපලවල තක්සේරු වාර්තා  අද සවස 04 ට පෙර බාර දෙන්න කියලා.“

“මේ ප්‍රාදේශීය දේශපාලකයින්ගේ  වත්කම් බැරකම් වාර්තා පරීක්ෂා කළ යුතුයි කියලා අපි බල කර ඉල්ලා සිටිනවා.  ඔය ප්‍රාදේශීය දේශපාලකයො ඔය මාලිගා හැදුවෙ කොහොමද කියලා බලන්න ඕන. මුලින්ම කරන්න ඕන ඒක.“

‘ඒ අය  මේ මුදල් හොයපු විදිහ ඔප්පු කරගන් බැරිවුනොත් එහෙම මහජන මුදල් වංචා කිරිම සහ අනෙකුත් අක්‍රමිකතා  අපයෝජනයන් වෙනුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතුයි.“

“වන්දි ගෙවන් නොවෙයි. මේ අයට නඩු පවරන්නයි ඕන. “

“පහුගිය කාලෙ ගෑස් ටැංකි පුපුරලා මිනිස්සු හතක් අටක් මැරුණා. ඊට අමතරව ගෙවල් ගිනි ගත්තා. දැන් කෝ ඇස්තමේන්තු. කෝ වන්දි. අපි බල කරනවා… දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුම යවලා අද ඇස්තමේන්තු ගෙන්වා ගත්තා නම්  හවස 05 වනවිට ඇස්තමේන්තු ප්‍රසිද්ධ කරන්න.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අඩුම ගානෙ ගංවතුරෙ වන්දි ටික ගෙව්වෙ නෑ… හැමදාම ඇවිත් ෆෝම් පුරවගෙන යනවා. ඒ ටික දීලා නෑ. “

Exit mobile version