මේ ජරමර අස්සෙ වඳුරු උණත්  රටට ආවොත් ?… අචාර්ය ජීවන්දර  පැහැදිලි කරයි..!

මන්කිපොක්ස් රෝගය හඳුනා ගැනිමට කරනු ලබන    පරික්ෂාවන් සඳහා අවශ්‍ය ප්‍රතීක්‍රීයක ලබන සතියේදී තම පර්යේෂණායතනයට ලැබෙන බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍ය සහ සෛල ජීව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර   සඳහන් කරයි.

පීසීආර් පරික්ෂාවන් මගින් මෙම රෝගය හඳුනා ගත හැකි බවත්,  ඒ සඳහා සියලුම රෝහල්වල පහසුකම් පවතින බැවින් රෝග කාරක වෛයිරසය මෙරටට පැමිණියහොත් එය හඳුනා ගැනීම අපහසු නොවන බවත්  අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ වන විට දියුණු යැයි සම්මත රටවල්වල්  කීපයකම එකවර රෝගය පැතිර ගියේ කෙසේද යන්න පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ   අවධානයටත්  යොමු වීමට හේතුවක් වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

මන්කිපොක්ස් රෝගය  පතුරුවන වයිරස් කාණ්ඩ දෙකක් මේ වන විට ලොව පුරා පවතින බැවින් දැනට පැතිර යනුයේ දරුණු ගණයේ වයිරස් කාණ්ඩය නොවන බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වයිරසය ලෝකයට අලුත් වයිරසයක් නොවන බවත් මෙහි රෝග ලක්ෂණයන් ලෙස උණ, හිසරදය, ඇඟපත වේදනාව, අධික වෙහෙස , වසා ගැටිති ඉදිමීම හදුන්වා දිය හැකි බවත් පෙන්වා දෙන මහාචාර්ය ජීවන්දර මෙම රෝගය මර්දනය සදහා ප්‍රතිකාර මේවන විට ලොවපුරා පවතින බැවින් ඒ සඳහා අනියත බියක් ඇති කර ගත යුතු නැතැයිද පෙන්වා දුන්නේය.

Exit mobile version