මේ ගස මරන්න සැලසුමක් තියනවා… එය වැනසුවොත් රජය  වගකීම භාරගත යුතුයි…

ඊයේ සඟ සතු කෙරුණු දාරළුවේ ගස අද තුනුරුවණට බාර කරමින් ආනන්ද සාගර හිමියෝ හෙළිකරති...

ඉන්දික තුෂාර –

කෲඩිආ සෙලනිකා (crudia  zeylanica )   ගස වැනි ගස් තවත් තිබෙන බවට  අද වන විට වනජීවී දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් තර්ක කරමින්     දාරළුවේ පිහිටි මෙම ගස ඉවත් කිරීමට උත්සාහ දරමින් සිටින බවත් මෙම ගස යම්කිසි පිරිසක් විසින් හෙට අනිද්දා වනවිට   විනාශකර දැමීමට ඉඩ තිබෙන බැවින් ලෝක උරුමයක් වන මෙය ආරක්ෂා කිරීමට රජය කටයුතු කළයුතු බවත් අද පෙරවරුවේ එතැනට වැඩම කළ සුරකිමු ශ්‍රී ලංකා ව්‍යාපාරයේ  සභාපති පූජ්‍ය ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

ආනන්ද සාගර හිමියන් පිරිත් පැන් ඉසිමින්

උන්වහන්සේ එසේ පැවසුවේ වඳවූ බවට රතු දත්ත පොතට ඇතුළත්වූ   ශ්‍රී ලංකාවට ආවේනික  කෲඩිආ සෙලනිකා (crudia  zeylanica )  වෘක්ෂය අභියසට අද (11) මහා සංඝයා සමග වැඩම කර     පිරිත් සජ්ජායනා කර පිරිත් පැන් ඉස එම වෘක්ෂය තුණුරුවනට බාර  භාර කිරීමෙන් අනතුරුවය.

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ මාධ්‍යයට කීහ.


සත්‍යක්‍රිායවක නිරත වූ සිවිල් සංවිධාන

“ ඊයේ(10)  දින රාත්‍රියේත් කිසියම් පුද්ගලයකු පැමිණ මෙම ගසේ අතු කපාගෙන යන්න හැදුව . ඒවගේම  කෙමිකල් යොදා මෙම  ගස මරන්නත් මේ වෙද්දී උපක්‍රම යොදමින් තිබෙනවා . එවැනි තත්වයක් උදා වුනොත් මධ්‍යම පරිසර අධිකාරියත් පරිසර අමාත්‍යන්ශයත්  වනජීවී දෙපාර්තමේන්තුවත් ජනාධිපති සහ අගමැති වරයාත් වගකිවයුතුයි… “ ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් පැවසූහ. අනතුරුව මහා සංඝයා වහන්සේ  සහ සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයින්ද එක්ව එම ස්ථානයේ සුළු වෙලාවක්  සත්‍යක්‍රියාවක්ද නිරතවුහ.

තිස්ස ජනනායක එතැනට වැඩම කළ හිමිවරුන් සමග

මේ අතර මෙම කෲඩිආ සෙලනිකා(crudia  zeylanica )    වෘක්ෂය බැලීම සඳහා එම ස්ථානයට පැමිණි උසස්පෙළ ජීව විද්‍යා ගුරුවරයකු වන තිස්ස ජනනායක  මෙසේ පැවසීය .

“ ජාතික අධ්‍යාපන ආයතනයෙන් ලබාදී ඇති   අපොස උසස්පෙළ ජීවවිද්‍යා සම්පත් පොතේ 8 වන ඒකකයේ තිබෙන පාරිසරික ජීව විද්‍යාව පාඩම යටතේ තිබෙන තොරතුරු අනුව මෙම කෲඩිආ සෙලනිකා කියන රනිල ශාකයත්  සම්පුර්ණයෙන්ම ලෝකයෙන් තුරන්වී ඇති බවට සඳහන් වෙනව. අප දරුවන්ට ඉගැන්නුවෙත් එහෙමයි .  නමුත් ලෝකයෙන්ම නෂ්ඨවී ගියා කියන මෙම ශාකය නැවත මෙසේ හමුවී ඇති එක හරිම පුදුම දෙයක් එහෙමනම්  මෙම පොතේ තිබෙන තොරතුරු වරදිවෙන්න ඕනේ .“

අපොස උසස්පෙළ ජීවවිද්‍යා සම්පත් පොතේ 8 වන ඒකකයේ කෲඩිආ සෙලනිකා කියන රනිල ශාකය සම්පුර්ණයෙන්ම ලෝකයෙන් තුරන්වී ඇති බවට වූ සඳහන

“ඉතින් ලෝකයෙන්ම නෂ්ඨවී ගියා කියන මෙම ශාකය නැවත තිබෙනවා නම් එක ලෝක උරුමයක් . එනිසා මෙය ආරක්ෂා කරගන්නවා කියන එක රජයක ප්‍රධානම කාර්යයක් වෙනවා .  මෙම ගස සංරක්ෂණය කරනවා කියන්නේ ලෝකයම  වෙනුවෙන්ම ආරක්ෂා කිරීමයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ දැනට භාවිතා කරන ඖෂධ වලින් බොහොමයක් නිෂ්පාදනය කරන්නේ ශාකවලින් . ඒ නිසා යම්දවසක මෙම කෲඩිආ සෙලනිකා ශාකයෙන් යම් වටිනා ඖෂධයක් නිපදවන්න හැකියාවක් තිබෙනවා කියා දැනගන්නට ලැබුනොත් එදාට මෙම ශාකය දකින්නට නොලැබුනොත් අපි එම ප්‍රයෝජනය ගන්නේ කෙසේද . එම නිසා ජෛව සම්පත් සුරැකීම කියන්නේ හෙට ලෝකයේ අනාගත පරම්පරාව වෙනුවෙන් රජය  මැදිහත්වී කල යුතු දෙයක්.“

Exit mobile version