මේ අවුරුද්දේ මුල් කාර්තුව තුළ පමණක් වන සතුන් නිසා රුපියල් බිලියන 30ක ආහාර භෝග හානි වෙලා! 

ශ්‍රියානි විජේසිංහ –

2022 වසරේ පළමු භාගය තුළ මෙරට වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන් විසින් විනාශ කර ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කර ඇති ගොවි ජන- වන සත්ව ගැටුම් පිළිබඳව පර්යේෂණ වාර්තාව  හෙළි කරයි.

විශේෂයෙන්ම පිළිගත් ප්‍රභවයන්  මගින් ලබා ගත් මිල ගණන් මත පදනම් ව ඇස්තමේන්තු කළ විට එම ආහාර බෝග නිෂ්පාදන ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 30,215ක් යැයි එම වාර්තාව සඳහන් කරයි.

මෙම වාර්තාව පෙන්වා දෙන කාරණා අවධානයට යොමු කරමින් වන සතුන් විසින්  මෙරට වගාවන්ට සිදු කරන හානි හා වන අලි – මිනිස් ගැටුම් වළක්වා ගැනීමට ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කර විවිධ පාර්ශ්වයන්හි  අදහස් හා යෝජනා ලබා ගැනීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

2022 වසරේ වැඩිපුරම හානීයට පත්ව ඇති බෝගය වන්නේ පොල්


දිවයිනේ දිස්ත්රික්ක 21 ගොවිජන සේවා සංවර්ධන බල ප්රදේශ 207ක් තුළ පොල් වගා බිම් හෙක්ටෙයාර් 51,816ක් රටට අහිමි වූ සමස්ත පොල් ගෙඩි සංඛ්‍යාව මිලියන 93 ඉක්මවයි. එම ප්‍රදේශ තුළ පොල් වගා කර ඇති සමස්ත ඉඩම් ප්රමාණය හෙක්ටෙයාර් 275,540කි. ඉන් වනසත්ව හානියට ලක්ව ඇති සමස්ත  පොල් ඉඩම් ප්රමාණය සියයට 21කි. වන සත්ව හානියට ලක් වූ පොල් ගෙඩි මිලියන 93 නිසා රටට අහිමිව ඇති පාඩුව රු. මි. 6638 ඉක්මවයි

මේ අන්දමින් වී වගාවට එල්ල වී ඇති බලපෑම සුලුපටු නොවේ. 2021/22 මහ කන්නයේ සමස්ත වී වගා වපසරියෙන් සියයට 5.6ක් හෙවත් හෙක්ටයාර් 31,922ක් වන සත්ව හානිය නිසා රටට අහිමිව ගොස් ඇත

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.කෙසේ වුවද භෝග හානි සිදු කරන සත්ත්ව ලැයිස්තුවට වන අලි, ගෝනුන් හා මුවන් ඇතුළත් නොකරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර  මෙහිදී අදාල නිලධාරින්ට උපදෙස් දී ඇත. 

Exit mobile version