සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අය – වැය ලේඛනයෙන් කිසිම අලුත් බද්දක් හඳුන්වා දෙන්නේ නෑ… තිබෙන බදු ප්‍රතිශත අඩු කළ හැකි ආකාරය ගැනත් සලකා බලනවා… ජනපති ජපානයේ ශ්‍රී ලාංකිකයින්ට කියයි!

by editor
සැප්තැම්බර් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා නොදී සිටීමටත්   ඉදිරියේදී ඇතැම් බදුවල ප්‍රතිශතය අඩු කිරීමටත්  අවධානය යොමු කර  ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක   මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට අද (28) පස්වරුවේ ටෝකියෝ හි  Reiyukai ශාලාවේදී එක් වෙමිනි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපතිවරයා මෙහිදී යළිත් විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවට ආරාධනා කළේ  රජයට වතුර වීදුරුවක් හෝ අනවශ්‍ය බවත් පැමිණ තමන්ගේ මව්බිමේ ආයෝජනය න් කරන ලෙසත්ය. ඊට අවශ්‍ය සියලුම පහසුකම් රජයක් ලෙසස සලසන බව ද ජනාධිපතිවරයා ජපානයේ විදෙස් ප්‍රජාව වෙත සහතික වුනේය.

මේ හමුව අමතමින් ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකාවේ නව දේශපාලන පරිවර්තනය සඳහා ඔබ විවිධ අයුරින් සහාය ලබා දුන්නා. ඔබ සැප්තැම්බර් 21 වනදා සිදු වූ එම දේශපාලන හැරවුමේ පංගුකරුවන් සහ කොටස්කරුවන් බවට පත් වුණා. දැන් අපි බලයට පැමිණ වසරක් ගත වී තිබෙනවා. පසුගිය වසර පිළිබඳ මැනිය යුත්තේ කුමන නිර්නායකය මතද? පසුගිය වසර හොඳද, නරකද කියා මැනිය යුත්තේ අපි එදා ආණ්ඩුව පිහිටුවීමේදී ජනතාව තුළ තිබු බලාපොරොත්තු සහ අපේක්ෂාවන් මතයි. එසේ නොමැතිව බලය පිහිටුවන විට වෙනත් අපේක්ෂාවන් තිබු අයගේ අදහස් මත නොවෙයි. එදා ඔබ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඇති කිරීමට සහාය ලබා දුන්නේ කුමන අරමුණකින්ද?

විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් වන ඔබ වගේම ලංකාවේ ජීවත්වන අපේ ආණ්ඩුව හැදීමට දායකත්වය සැපයු කිසිවෙක් තමන්ට පෞද්ගලික යමක් උපයා ගැනීමට, වරප්‍රසාදයක් ලබා ගැනීමට හෝ පෞද්ගලිකව දෙයක් ලබා ගැනීමේ අරමුණකින් කටයුතු කළේ නැහැ. ඒ නිසා ඔබ හැමදෙනාම දායකත්වය ලබා දුන්නේ පෞද්ගලික උවමනාවන් ඉක්මවා ගොස්  රටක් ලෙස, ජාතියක් ලෙස අපි කුමක්ද කළ යුත්තේ කියන අභිලාෂය මත පමණයි. පැවති ගමන් මග වෙනුවට නව ගමන් මගක් ඇති කර ගැනීමේ අරමුණින් ඔබ කටයුතු කළා.

පළමු කරුණ ලෙස බිඳ වැටී තිබු ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව ඔබට තිබුණා. අද අපි සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන තිබෙනවා. නමුත් අපිට තව දිගු ගමනක් යාමට තිබෙනවා.

ඒ වගේම ඔබ නීතියේ විධානයේ ආධිපත්‍ය අපේක්ෂා කළා. අපි දකිනවා දියුණු වූ සෑම රටකම තිබෙන සාධකය වන්නේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වීමයි. නීතිමය සංකල්පය ගත්තද නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයි. නමුත් අපේ සංකල්පය වුණේ නීතියට ළඟා විය හැකි අය ඉන්නවා, ළඟා විය නොහැකි අය ඉන්නවා කියන එකයි. බලය, ධනය විසින් මෙය නිර්මාණය කර ගෙන තිබෙනවා. හැබැයි අද නීතියට ළඟා විය නොහැකි කිසිවෙක් අපේ ලංකාවේ ජිවත් වෙන්නේ නැහැ. ඒ හැම දෙනා වෙතම නීතියට ළඟා විය හැකියි.

රට ගොඩනැගීමේදී ආර්ථිකයේ ස්ථාවරභාවය, නීතියේ විධානයේ ආධිපත්‍ය ඇති කිරීම සහ වංචා දුෂණ අවම කිරිම සහ කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි. අද ලංකාවේ වසර 76කට පසු දේශපාලන අධිකාරිය මහජනතාවගේ මුදල් සොරකම් නොකරන සහ නාස්ති නොකරන ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. හැබැයි තවදුර යන්න තිබෙනවා. මොකද රාජ්‍ය යාන්ත්‍රණයත් මේ පරණ පුරුදුවලින් ගලවාගත යුතුයි. එය වෙනස් කිරීමේ පළමු පියවර අපි තබා තිබෙනවා.

ඒ වගේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික පියවර අපි තබා තිබෙනවා.

ඒ වගේම ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීම ඉතා වැදගත් වෙනවා. ලෝකයේ කිසිදු රටකට තවදුරටත් හුදකලා වී ජීවත් වෙන්න බැහැ. අපි ආර්ථිකයෙන්, තාක්ෂණයෙන්, වෙළෙඳපොළෙන් එකට ගැට ගැසී තිබෙනවා. ඒ නිසා ජාතික සීමාවන් තිබුණට තවදුරටත් ආර්ථිකයේ ජාතික සීමාවන් නැහැ. වෙළෙඳපොළේ ජාතික සීමාවන් නැහැ. ඒවා සියල්ල අභිබවා ගොස් තිබෙනවා. ඒ නිසා රාජ්‍යයක් ඉදිරියට යාම සඳහා ශක්තිමත්, ස්ථාවර, පැහැදිළි විදෙස් සබඳතා අවශ්‍යයි. මම හිතනවා පසුගිය වසර තුළ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තබා ගත යුතු සමබරතාවය ආරක්ෂා කර ගැනීමට සමත්වී තිබෙනවා. මෙම මූලික කරුණු ස්ථාපිත කර නොගෙන රට ගොඩනගන්න බැහැ.

ඒ වගේම අපේ රටේ විවිධ ජන කණ්ඩායම් සහ ආගමිකයන් ජීවත් වෙනවා. ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතින් තිබෙනවා. ඒ නිසා අපේ රට ජනතාවගේ විවිධත්වයකින් පිරිණු රටක්. අපේ රට ඉදිරියට ගෙන යාමට මෙම ජනතාව අතර සමගිය නිර්මාණය කළ යුතුයි. හැබැයි දිගු කාලයක් පුරා දේශපාලන පොරය නිසාම මෙම ජනතාව අතර විවිධ ජාතිවාදී ගැටුම්, ආගම්වාදී ගැටුම් ඇති කරමින් එකිනෙකා දුරස් කරනු ලැබුවා.

භූ දේශපාලන ව්‍යාපාරය ගොඩනැඟී තිබුණේ එවැනි ජාතිවාදී මූලාශ්‍රයන් සහ මතවාද සමගයි. ඒ නිසා ගැටුම් සහිත රටකට එකිනෙකා අතර බේදය, වෛර වැපිරූ රටකට ඉදිරියට යන්න බැහැ. එසේනම් අපේ රටේ සංස්කෘතික විවිධත්වයන්, භාෂාමය වෙනස්කම්, ආගමික වෙනස්කම් අවබෝධ කරගත් එකඟතා සහිත රාජ්‍යයක් ගොඩනැඟිය යුතුයි. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ කිසිදු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසර තමයි මේ ගතවූ වසර. හැබැයි තව දුර යා යුතුයි.

අපිට ශක්තිමත් ගොඩනැගිල්ලක් හදන්න නම් ඉතාමත් ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. නමුත් අපේ රට අත්තිවාරම බිඳුණු රටක්. අද අපි එම අත්තිවාරම දමා තිබෙනවා. ගත වූ වසර කියන්නේ අපේ රට ඉදිරියට ගොඩනැඟීම සඳහා අවශ්‍ය ශක්තිමත් අත්තිවාරම දැමු වසරයි. දැන් අපි මේ අත්තිවාරම මත   ගොඩනැගිලි ඉදිකිරීමට පටන් ගන්න ඕනෑ.

මේ අත්තිවාරම මත රට ගොඩනගන විට ආණ්ඩුවට අභියෝගයන් තිබෙනවා. රටට අභියෝගයක් තිබෙනවා.  ඒ වගේම ජනතාවට අභියෝගයක් තිබෙනවා. එය අපි අවබෝධ කරගත යුතුයි. ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය වන්නේ ආදායම් උපයා ගැනීමයි. රට හමුවේ තිබෙන අභියෝගය වන්නේ භාණ්ඩ හා සේවා ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් උපයා ගැනීමයි. ඒ වගේම ජනතාවට තමන්ගේ මුලික අවශ්‍යතා ඉටු කර ගනිමින් නිදහසේ ජීවත්විය හැකි පසුබිමක් අවශ්‍යයි.

ඒ නිසා ආණ්ඩුව ආදායම් උපයා ගත යුතුයි. ලංකාවේ පළමු වතාවට අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරන ලද අදායමට වඩා වැඩි ආදායමක් මේ වසරේ උපයා ගැනීමට අප සමත් වී තිබෙනවා. ආණ්ඩුව ආදායම් උපයාගත යුත්තේ ව්‍යාපාරවලින් නොවෙයි. ආණ්ඩුව කළ යුත්තේ එළියේ ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ එම එළියේ ආර්ථිකය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය සහාය සහ යටිතල පහසකම් සංවර්ධනය කිරීමයි.

එළියේ ආර්ථිකය විශාල වීමත් සමඟ බදු ප්‍රතිශත අඩු වී ජනතාවට සහන හිමි වෙනවා. ඒ අනුව මෙවර අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා නොදී සිටීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ඉදිරියේදී ඇතැම් බදුවල ප්‍රතිශතය අඩු කිරීමට අපි අවධානය යොමු කර  තිබෙනවා. මේ අයුරින් අපිට ආර්ථික සැලසුම් තිබෙනවා. ඒ සඳහා එළියේ විශාල ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි

 

එහිදී අපි සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වසර 2030 වන විට මිලියන 04ක සංචාරකයින් කැඳවා ගනිමින් ඩොලර් බිලියන 08කට ආර්ථිකයකට යාමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය පරිසරය සකස් කර දීම ආණ්ඩුව සිදු කරනවා. ඒ වගේම ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නැංවීම එහිදි වැදගත් වෙනවා. දැනටමත් ලංකාව ඉතා හොඳ සංචාරක ගමනාන්තයක් බවට වන වාර්තා පළ වෙනවා.

ඒ වගේම රටට අවශ්‍ය ආයෝජන මේ වන විට ලැබෙමින් තිබෙනවා. රජය වැඩිපුර ආයෝජන සිදු කළයුත්තේ මහාමාර්ග, විදුලිය, ජලය ආදි යටිතල පහසුකම් සංවර්ධනය සඳහායි. හැබැයි ආර්ථික ක්‍රියාකාරකම් ගොඩනැගිය යුත්තේ පෞද්ගලික අංශයයි. රජය සතුව විශාල තේ වතු ප්‍රමාණයක් තිබෙනවා. නම තිබුණට එම භූමියට සරිලන ලෙස ආදායම් උපයන්නේ නැහැ. ඒ නිසා අපේ වටිනාම සම්පත වූ භූමිය ඉතා හොදින් කළමනාකරණය කරගත යුතුයි.

ඒ නිසා අපි වතු හිමි රාජ්‍ය සමාගම් වෙත දැනුම් දී තිබෙනවා ඵලදායීතාවක් නැති සියලු ඉඩම් ලබා දෙන්න කියලා. අපි ඔබට ආරාධනා කරනවා ඒවායේ ආයෝජනය කරන්න එන්න කියලා. අපේ කාර්යය වන්නේ ඔබට ආර්ථික අවස්ථාවන් සකස් කර දීමයි.

ඒ වගේම රැකියා උත්පාදනය වන ආර්ථිකයක් ගොඩනඟා දීම ආණ්ඩුවක වගකීමක්.  අද අපි එම වගකීම ඉටු කරමින් සිටිනවා. ඒ නිසා අපි වසර කිහිපයක් වෙහෙසුනහොත් අපේ රටේ ආර්ථික වශයෙන් ඇති වී තිබෙන දුප්පත්භාවයෙන් අපිට ගොඩ ඒමට හැකියාව තිබෙනවා.

ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රධාන කොටසක් ලෙස ඩිජිටල්කරණය අපි හඳුනාගෙන තිබෙනවා. ලබන වසර වන විට රජයත් සමඟ සිදු කරන සියලු ගනුදෙනු Online මගින් ගෙවීමේ ක්‍රමවේදය ආරම්භ කරනවා. ඒ වගේම ටෙන්ඩර්, රේගු කටයුතු මේ සියල්ල ඩිජිටල්කරණයට ලක් කරනවා. අපිට එය සාර්ථක කරගත හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.

 

අපේ රටේ නීති හදපු අයම එම නීතිවලට පටහැණිව කටයුතු කර තිබෙනවා. නීතිය තිබුණත් එය ක්‍රියාත්මක නොවන බව ඔවුන් දන්නවා. මින් ඉදිරියට අපේ පියවර වන්නේ නීතිය පමණක් ප්‍රමාණවත් නැහැ, එය ක්‍රියාත්මක වන බව තහවුරු කළ යුතුයි. දැන් එය ඔප්පු වෙමින් තිබෙනවා. අද පක්ෂ 40ක් එක කාමරයට එකතු වෙන්න තරම් එය ඔප්පු වී තිබෙනවා. අපේ රටේ පුරවැසියා තුළ නීතියට බියක් ඇති විය යුතුයි. අපි එම සංස්කෘතිය ඇති කරනවා.

ඒ වගේම අපි ජාතික ප්‍රශ්නය අවසන් කළ යුතුයි. අපේ ප්‍රවේශය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර යළි කිසිදු ආකාරයේ ගැටුමක් ඇති නොවන අන්දමින් රට පාලනය කිරීමයි. උතුරේ ජනතාව විශාල ලෙස යුද්ධයෙන් බැට කෑවා. යළි යුද්ධයක් ඇති නොවන අන්දමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ජාතික සමගිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර අපි අරගෙන තිබෙනවා.  ඒ වගේම උතුරේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය, නීතිමය රැකවරණය ලබා දී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සම අයිතින් තිබෙන රටක් ගොඩනගනවා.

ඒ වගේම මත්ද්‍රව්‍ය උවදුරින් අපේ දරුවන් බේරා ගැනීමට අපි කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ එකට බැඳී තිබෙන්නේ. අද අපි මේවා පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය සහ අපරාධවලින් යුත් මේ යටිබිම්ගත රාජ්‍යය වසා දැමීමට අපි තීරණය කර තිබෙනවා.

ඒ වගේම මේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ගලා යා යුතුයි. අපි ඉහළින් කෙතරම් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළද ජනතාවගේ ජන ජීවිතය වෙනස් වන්නේ නැත්නම් ඵලක් වෙන්නේ නැහැ. ජන ජිවිතය හැමදාම අස්වැසුමට සීමා කරන්න බැහැ. ඔවුන්ට ආර්ථික අවස්ථා උදාකර දිය යුතුයි. ඒ නිසා කෘෂිකර්මාන්තය, පශු සම්පත් ක්ෂේත්‍රය අපි නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම ආර්ථිකය ගමට ප්‍රසාරණය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අපි සකස් කර තිබෙනවා.

 

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපේ රටේ ජනතාව අලුත් වෙනසක්, අලුත් ගමනක් ප්‍රාර්ථනා කළා නම් ඒ අලුත් වෙනස සහ අලුත් ගමන වෙනුවෙන් අපි  වෙහෙස වී වැඩ කරමින් සිටිනවා. ඒ ගමනට ඔබේ දායකත්වයත් අපි අපේක්ෂා කරනවා.

අපිට ඔබෙන් ඇල් වතුර වීදුරුවක්වත් එපා. රටට ආයෝජන රැගෙන එන්න. ඒ වගේම ඔබ විදේශයන්හි සේවය කර ලබා ගත් ඒ අත්දැක්ම් අපේ රටට අරන් එන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි සකස් කර දෙන්නම්. ඒ අනුව රට ගොඩනැගීමේ ගමනේ කොටස්කරුවන් බවට පත් වීමට ඔබට හැකියාව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ  ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල් අඟුරු ටෙන්ඩරය පට්ට දූෂිතයෙකුට දෙන්න ප්‍රසම්පාදන නිර්නායක වෙනස් කළ හැටි පුබුදු ජාගොඩ රටට හෙළි කරයි…

Next Post

ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන යන්නේ කොතැනට ද?

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.