ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු ටෙන්ඩරය පට්ට දූෂිතයෙකුට දෙන්න ප්‍රසම්පාදන නිර්නායක වෙනස් කළ හැටි පුබුදු ජාගොඩ රටට හෙළි කරයි…

දේශපාලකයින් නැතිවත් රටේ දූෂිත වළල්ල ක්‍රියාත්මකයි... ඉහළ පෙළේ නිලධාරින් සහ දූෂිත ව්‍යාපාරිකයින් දිගටම ගේමේ...

by editor
සැප්තැම්බර් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ගල් අඟුරු සැපයුම් ටෙන්ඩරය Trident Chemphar නැමැති දුෂිත සමාගමට ලබා දීම සඳහා ප්‍රසම්පාදන නිර්නායකයන් පවා වෙනස් කර මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් බවත්, මෙම සමාගමේ හිමිකරුවා මෙන්ම දේශීය නියෝජිතයා ද අන්ත දූෂිතයන් ලෙස ගර්හාවට ලක් වෙමින් වරද කරුවන් වූ අය බවත් සමාජවාදී පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

රටේ දූෂිත වළල්ල ක්‍රියාත්මක වන්නේ  දේශපාලඥයන් – ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් – ජාවාරම්කාර ව්‍යාපාරිකයන් යන තුන්කට්ටුවෙන් වුවද    දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කළේ  දේශපාලඥයන්ට පමණක් බව අවධාරණය කරන පුබුදු ජාගොඩ   දැන් දේශපාලඥයන් නොමැතිව  ජාලය ක්‍රියාත්මක  වන බව පෙන්වා දුන්නේය.

ඊයේ (28) පොළොන්නරුවේ පැවති විශේෂ සම්මන්ත්‍රණයක දී පුබුදු ජාගොඩ වැඩිදුරටත් මෙසේ පැවසුවේය.

“පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල් අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කලා ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ Trident Chemphar නම් සමාගමට හිමිවුණා. මෙහි ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙනවා. ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කලාද කියන සැකය මතුවන නිසා.

මේ මගේ අතේ තිබෙන 2021 දී  ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ. නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා 90%කින් අඩු කරලා. මේක පැහැදිලිව සැක සහිතයි.

RelatedPosts

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

අනෙක මේ Trident Chemphar සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.

ඒ විතරක් නෙවෙයි, Trident Chemphar සමාගමේ හිමිකරුවෙකු වන සරත් චන්ද්‍ර රෙඩ්ඩිව 2022 දී නවදිල්ලියේ සුරා බදු වංචාවක් හරහා මුදල් විශුද්ධකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා.

හිමිකරුවාට අමතරව  Trident Chemphar හි දේශීය නියෝජිතයා වන සරත් බණ්ඩාර ජයසුන්දරටත් දූෂණ  චෝදනා තිබෙනවා. ක්‍රිකට් කුසලතා විශ්ලේෂකයෙකු ලෙස වෘත්තියේ නිරතවූ ඔහුට තරඟ පාවදීමේ චෝදනා මත 2019 සිට වසර 7ක තරඟ තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පනවා ඇති බවට ප්‍රවෘත්ති තිබෙනවා.

පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය ලබාදුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා.

ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලඥයන් – ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් – ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කලේ දේශපාලඥයන්ට පමණයි. දැන් දේශපාලඥයන් නැතිව ජාලය ක්‍රියාත්මක  වෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය මස් කර – විකුණන පනතට එරෙහිව සේවකයන් අරගල කරන විට විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළා. නමුත් වෙනදා මාර්තු මාසයේදී කැඳවන ගල් අඟුරු ආනයන ටෙන්ඩරය ජුලි මාසය දක්වා ප්‍රමාද වෙනකොට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කියලා මතක් වුණේ නෑ.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වල සමාගමක් සතු අවම ගල් අඟුරු ආරක්ෂණ සංචිත ප්‍රමාණය 90%කින් පහත දමනවිට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බව මතක් වුණේ නෑ.

සාමාන්‍ය ජනතාව සහ සුළු නිෂ්පාදකයන් ජාතික විදුලි බල සැපයුමට දායකවූ වහල මත සූර්‍ය පැනල අධෛර්යමත් කරන තීරණ ගන්නා විටත් ඒ අත්‍යවශ්‍ය බව මතක් වුණේ නෑ.

ජනතාවට දරා ගන්න බැරි ලෙස දිගින් දිගටම විදුලි ගාස්තු අසීමාන්තිකව ඉහළ නංවන විටත් එය ජන ජීවිත  පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය සේවාවක් බව අමතක වෙනවා. මේ ආණ්ඩුව පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන්ද කියලා සිතා ගන්න මේ ටෙන්ඩර් හුටපටය පමණක් වුණත් ප්‍රමාණවත්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි!

Next Post

මේ අය – වැය ලේඛනයෙන් කිසිම අලුත් බද්දක් හඳුන්වා දෙන්නේ නෑ… තිබෙන බදු ප්‍රතිශත අඩු කළ හැකි ආකාරය ගැනත් සලකා බලනවා… ජනපති ජපානයේ ශ්‍රී ලාංකිකයින්ට කියයි!

Related Posts

පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

ජූනි 28, 2026

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.