මෙවර මහ කන්නයත් අවුලක… පොහොර ටික වෙලාවට නෑ…

පොහොර ආනයනය සඳහා ලෝක  බැංකුව මුදල් ලබාදීමට එකඟතාව පළකර තිබුණ ද මෙවර මහ කන්නයට අවශ්‍ය යූරියා ඇතුළු රසායනික පොහොර තොග නිසි වේලාවට සපයා ගැනීමට නොහැකි  තත්ත්වයක් උද්ගතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ  අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් දක්වා සිටින්නේ පොහොර ආනයනය  සම්බන්ධව ලෝක බැංකුව  කොන්දේසි රැසක් පනවා තිබීමත්  එම කොන්දේසිවලට යටත්ව පොහොර ආනයනකරුවන් සොයා ගැනීමත් ගැටලුවක්  වීමත්ය.

යූරියා පොහොර නිෂ්පාදනය කර අපනයනය කරන  රටවල් පොහොර විශාල වශයෙන් ඉල්ලුම් කරන රටවලට ප්‍රමුඛතාව ලබාදීම නිසා ශ්‍රී ලංකාව වැනි රටවල්වල  පොහොර ඇණවුම්වලට අපේක්ෂා කරන ප්‍රමුඛත්වය නොලැබෙන බව ද කෘෂිකර්ම බලධාරීහු පවසති.

මෙවැනි තත්ත්වයන් යටතේ මහ කන්නය සඳහා පොහොර ආනයනය ප්‍රමාද  වියහැකි බව ඔවුහු පවසති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මහ කන්නයේදී  කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට  සහනාධාරයක් ලබාදීම පිළිබඳවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ  අවධානය යොමුවී තිබේ

Exit mobile version