“මෙරට රාජ්‍ය ආයතනවලින් 2/3ක පාලනය ඇත්තේ රාජපක්ෂ පවුලට යටතේ”

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කියයි

මෙරට රාජ්‍ය ආයතනවලින් තුනෙන් දෙකකම පාලනය රාජපක්ෂ පවුල යටතට පවරාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

“ජනතාව තුනෙන් දෙකක බලයක් දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න නේ. දැන් මේ තුනෙන් දෙකේ බලය මොනාටද පාවිච්චි කරලා තියෙන්නේ. මේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අරන් තියෙන්නේ එක පවුලක්. රාජපක්ෂ පවුල.


දැන් මේ බලන්න කැබිනට් මණ්ඩලය පත් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක ඇමති ජනාධිපති. ආයතන 45ක් එතුමගේ යටතේ තිබෙනවා. යුද හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව ආදි එය ආයතන 16ට අමතරව විදුලි සංදේශන නියාමන, ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නාගරික ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ආදී මේ සියල්ල එතුමා ළඟ. ඒ වගේම සියලුම දිස්ත්‍රික් කාර්යාලත්. මේ රටේ ඉතිහාසයේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිබුණේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ. අද ඒකත් ජනාධිපතිතුමා යටතට. ආගමන විගමන, ආපදා කළමනාකරණ මේ සියල්ල ජනාධිපතිතුමාට යටතේ. එතුමා ළඟ විතරක් ආයතන 45 ක්.

ඊළඟට අගමැතිතුමා යටතේ තියෙනවා ආයතන 72 විතර. භාණ්ඩාගාරයේ ආයතන සියල්ලම, රාජ්‍ය ආදායම් කළමනාකරණ, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු, ලොතරැයි මණ්ඩලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ආනයන අපනයන. තේ ශක්ති ආයතනය කලින් තිබුණේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ. ඒකත් අද අරන් තියනවා අගමැතිතුමා යටතට. රාජ්‍ය සේවා විශ්‍රාමික භාරකාර අරමුදල, බුද්ධශාසන අරමුදල, තුරුසවිය අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල මේ සියල්ල අගමැතිවරයාට යටතට පවරාගෙන තිබෙනවා.

ඊට අමතරව තව ඇමතිකමක් තිබෙනවා මොකක්ද මේ ඇමැතිකම? බුද්ධ ශාසන ඇමැතිකම. මේ ගැටලු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව, චිත්‍රපට සංස්ථාව ඇතුළු මේ සේරම අරගෙන තියෙනවා අගමැති යටතට. මං අහන්නේ මේක ඒකාධිපති පාලනයක් නෙවෙයිද?

ඊට පස්සෙ ආපහු තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය නිවාස අමාත්‍යාංශයේ. ඒකත් අගමැතිතුමාට යටතට. ආයතන හැත්තෑ ගානක්. මං අහන්නේ මේක නෙවෙයිද ඒකාධිපතිවාදය.

මේ පවුලට විතරක් රටේ ආයතනවලින් තුනෙන් දෙකක් ගිහින් තියෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චමල් රාජපක්ෂ මහත්තයාට ආයතන 5යි. නාමල් රාජපක්ෂ මහත්තයට ආයතන 12 යි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයට ආයතන 7යි. මේක තමයි තුනෙන් දෙක මේකට ද මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ?” යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.

Exit mobile version