මෙරට කොවිඩ් මරණ 144 දක්වා ඉහළට

මෙරට තවත් covid මරණ දෙකක් වාර්තා වී තිබේ.

මේ අනුව මෙරට සිදුවූ කොරෝනා මරණ මුළු සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් එකක් වාර්තා වී ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි දින විස්සක් වයසැති බිළිඳෙකි. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම බහු ඉන්ද්‍රිය අක්‍රීය වීම සහ covid නිව්මෝනියාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මෙය මෙරට සිදුවූ ලාබාලතම කොවිඩ් මරණය බවට ඊයේ හඳුනා ගැනිණ.


මේ ගොස් සති අනෙක් පුද්ගලයා කොළඹ 10 පදිංචි හැට දෙහැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු පෞද්ගලික රෝහලක සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇත. ඔහු මියයාමට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරටින් හමු වූ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන අද 30000 ඉක්මවීය.

Exit mobile version