මෘතදේහ ආදාහනය මැද විදුලි විසන්ධි වීමේ ඛේදවාචකය… ආදාහනය සම්පූර්ණ කරගන්න ජෙනරේටර් කුලියට ගෙනත්

Crematorium

කීර්ති ප්‍රනාන්දු –

ජාඇල කපුවත්ත නගරසභා ආදාහනාගාරය තුළ මෘත දේහයක් ආදාහනය කරමින් සිටියදී සිදු වූ විදුලි විසන්ධි වීමක් නිසා මියගිය පුද්ගලයාගේ ඥාතීන් විදුලිය පැමිණි පසු ඉතිරි කොටස ආදාහනය කරන ලෙස පවසා ආදාහනාගාර සේවකයින්ට මෘත ශරීරය භාරදී යාමේ පුවතක් ජාඇල නගර සභාවෙන් වාර්තා වේ .

ජාඇල නගර සභාවේ උසස් නිලධාරියකු ලංකාසරට පැවසුවේ අද (31 ) දහවල් 12:30 ට පමණ මෙම සිදුවීම සිදු වූ බවයි .

කොරෝනා වෛරසය ආසාධිත ව මියගිය ජා-ඇළ දෑලතුර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි අයෙකුගේ මෘත ශරීරයක් මෙසේ ආදාහන ය කරමින් සිට ඇති බවද එම නිලධාරියා කීය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නගර සභාවේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසූයේ ඊයේ (30 ) දිනය තුළ ද මියගිය කාන්තාවගේ මෘත ශරීරයක් ආදාහනය කරමින් සිටින අතරතුර දී විදුලිය විසන්ධි වීම නිසා එම මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් කුලියට ලබාගත් ජෙනරේටරයක් ආදාහනාගාරය වෙත රැගෙන විත් එමගින් විදුලිය ලබාගෙන එම මෘත ශරීරයේ ආදාහන කටයුතු සිදුකළ බවයි .


Exit mobile version