මූල්‍ය ව්‍යාපාර වෙනුවෙන් ගුජරාටයේ ඉදිවන විශේෂ නගරය “ගිෆ්ට් සිටි“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාවේ පළමු ජාත්‍යන්තර මූල්‍ය සේවා මධ්‍යස්ථානය වන ‘ගුජරාට් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් ටෙක් සිටි’ හෙවත් ‘ගිෆ්ට් සිටි’ පිහිටුවීමත් සමඟින් 2015 දී ඉන්දියාව ලබා ගත් ශක්තිමත් මූල්‍ය අංශයක් සංවර්ධනය කිරීමේ ප්‍රධාන තීරණය සැබෑවක් බවට පත් වී තිබේ.
‘ගිෆ්ට් සිටි’ ඉදිකර ඇත්තේ ගාන්ධිනගර් හා අහමද්බාද් ආශ්‍රිතවය. නගර ත්‍රිත්වය ව්‍යාපාර, අධ්‍යාපනය, අපනය, ජාත්‍යන්තර මූල්‍ය හා විදේශ ආයෝජන සඳහා සුදුසු පරිසර පද්ධතීන් සහිත නිසා සංවර්ධිත ආර්ථිකයක් ඇති කිරීමට හේතු වේ.
මෙම මූල්‍ය නගරයේ බැංකු, රක්ෂණ, නැව් ලීසිං හා ණය දීම වැනි මූල්‍ය ආශ්‍රීත සේවාවන් රාශියක් සපයනු ලබයි. එහි ඒකාබද්ධ නියාමන අධිකාරිය, තරඟකාරී බදු තන්ත්‍රය සහ ලිහිල් සමාගම් නීති සමඟින්, ඉන්දියාවේ ගිෆ්ට් සිටි ලෝකයේ අනෙකුත් ප්‍රමුඛ මූල්‍ය මධ්‍යස්ථාන සමඟ සමාන වේ.
විශේෂයෙන් එක්සත් ජනපදය මෑත කාලයේදී ඉහළ ආදායම් මට්ටම්වලට ලක්ව ඇති බැවින් ඉන්දීයාවේ මෙම මූල්‍ය නගරය බටහිරට ද තරඟකරුවෙකු බවට පත් වී තිබෙන බව ඒඑන්අයි වෙබ් අඩවිය වාර්තා කරයි.
2022- 23 රාජ්‍ය අයවැයෙන් ද නගරයේ දියුණුව සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ‘ග්‍රීන්’ සංකල්පයේ මූල්‍ය සේවාවක් සැපයීමට අදහස් කරයි.

Exit mobile version