මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මෙහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කළේය.
අනුර ප්‍රියදර්ශන යාපා ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත් වූයේය.
2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ හතලිස් හය දහස් එකසිය දහයක මුදලක් ගංවතුරෙන් පීඩාවට පත් අසරණ මිනිසුන් වෙනුවෙන් නොයොදවා එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට යෙදවීම ඔහුට එරෙහිව ඇති චෝදනාව විය.
මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙල් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙරිනි. .







