“මුස්ලිම් අන්තවාදය වලදාන්නෙ නැතුව මළමිනියක් අල්ලගෙන පිස්සු කෙලින්න එපා”

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති

“1983 දෙමළ සමාජයත් එක්ක හදාගත්තා වගේ ආයෙ හරවන්න බැරි ප්‍රශ්නයක් හදාගත්තා වගේම ආයෙ ආපස්සට හරවන්න බැරි ප්‍රශ්නයක් හදාගන්නව මේ මලමිනියක් එක්ක මේ ගොල්ල මෝඩ විදියට දේශපාලනය කළොත්. මේ මලමිනීත් එක්ක මේ කට්ටිය. මේක ගැන ගැඹුරින් හිතන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. නැත්නම් සහරාන්ලා 1000-2000ක් බිහිවෙලා තමයි මේ ප්‍රශ්නය ඉවර වෙන්නෙ ” යයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

කොවිඩ් මළ සිරුරු ආදාහනය සහ භූමදානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

“ජනගත වෙලා තියෙන්නේ හාමුදුරුවරු විරුද්ධයි භූමදානය ට කියලා. මුස්ලිම් සමාජයේ වෛරයට පාත්‍ර වෙන්නේ කවුද දේශපාලකයො කවුරුත් නෙවෙයි. දේශපාලකයෝ හරි හොඳයි ඒගොල්ලෝ කියනවා අනේ මේ හාමුදුරුවොත් එක්ක නේ කරන්න බැරි කියලා. හැබැයි ඔවුන්ට ආපහු බලය ලබාගන්න එගොඩ වෙන්නත් ඕන සංඝයා වහන්සේලා. මුස්ලිම් අන්තවාදය වහාබ්වාදය සලෆි වාදය ඉහ්ක්වාන් මුස්ලිම් ජමාතේ ඉස්ලාම් තබ්ලික් ජමාත් තවුහිත් ජමාත් ගැන කතාවක් නෑ. ඒවා නතර කරන්නෙ කොහොමද ඒවායේ මූලයන් පරාජය කරන්නේ කොහොමද මේවායෙන් ගොඩනැඟුණු ඒ සන්නද්ධමය ක්‍රියාකාරකම් ඒ මත වාද වලදාන්නේ කොහොමද කියලා කතාවක් නැතුව සාම්ප්‍රදායික මිනිහගෙ හිත පිච්චෙන මේ මළ මිනියක් අල්ලගෙන පිස්සු කෙලිනවා මේගොල්ලෝ.


විශේෂඥ මණ්ඩලයක් පත්කර ගෙන ඉන්නවා කවුද ඉන්නේ එකේ විශේෂඥ වෛද්‍යවරු මොනවද ඒගොල්ලොන්ට තියෙන සුදුසුකම් ඒවා නිර්දේශය දෙන්න ඊළඟට ආගමික වශයෙන් ඉන්න ආගමික කණ්ඩායම් ඒ ගොල්ලන්ට වාඩි වෙලා මොකක්ද මේකෙ කළ කළයුත්ත නොකළයුත්ත. මෙහෙම වැඩපිළිවෙළක් පේන්නේ නෑනේ. පුච්චන්න කියලා එක වෙලාවකට ආරංචි වෙනවා ආපහු කියනවා ශීත කරන්න කියලා එක වෙලාවකට. මොකක්ද මේ තක්කඩි වැඩේ?

එක රටක එක නීතියක් ගැන අපි කතා කළා ආණ්ඩුවත් ඒක කිව්වා. එහෙනම් මුස්ලීම් සමාජයත් එක්කත් කතා කරලා කියන්න ඕන උඹලා එකඟද ඒකට කියලා. එතකොට කියයි මේක වලදාන්න දෙන්න කියලා. මොකද මුස්ලිම් අයගේ ආගමික අයිතියක් ඒක. හේතුව ඒගොල්ලො විශ්වාස කරනවා අල්ලා දෙවියන් ට අනුව ඒක. කාලි මෑණියෝ පිළිගත්තේ නැති වුණාට අල්ලා දෙවියන් පිළිඅරන් තියෙනවා නේ මිනිස්සු. ඒ දෙවිවරු හොඳයි අපේ ඉන්දියාවේ කාලේ හොඳ නෑ. අපේ සූනියන් හොඳ නෑ. විෂ්ණු හොඳ නෑ. එහෙම නේ කියන්නේ. කෙසේ හෝ වේවා ඔවුන් විශ්වාස කරනවා ජය ලබන්නේ මේ පසෙන් කියලා. පසටම පොහොර වෙන්න ඕන කියලා ඒක මුස්ලිම් අයගේ අයිතිය ඒක ඔවුන්ගේ ආගමික අයිතිය. හැබැයි ඒ ආගමික අයිතිය වල දානකොට හැමෝම පිච්චෙනවා. ඒකයි භයානක.

බුදු හාමුදුරුවෝ තමයි මගේ ගුරුවරයා. මහින්දවත් ගෝඨා වත් රනිල් වත් චම්පික වත් රතන හාමුදුරුවෝවත් නෙවෙයි. බුදු හාමුදුරුවෝ මගේ නායකයා ඒ නායකයාගේ දර්ශනයක් තියෙනවා. ඒ තමයි හේතුඵලවාදය. අපි බලනවා හේතුව මොකක්ද ඵලය ගැන හිතලා වැඩක් නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2009 මැයි 18 වෙනිදා පිරබාහරන් ඉවර කරල දැම්මා සන්නද්ධ සටන ඉවර කරා. මුලිනුපුටා දැම්මා. ආයෙ ආයුධ උස්සන්නේ නෑ. හැබැයි බෙදුම්වාදය ගැන තියෙන මතය අදටත් ආපස්සට අපට හරවන්න බැරි වෙලා තියෙනවා. අද වහාබ්කාරයයි සාම්ප්‍රදායික මුස්ලිම් මිනිහායි ඒ ඔක්කොම මේ මළ මිනිය වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. ප්‍රශ්නෙ විසඳගන්න තිබුණු සරල අවස්ථාවන් අහිමි කරගෙන තිබෙනවා. සහරාන්ලා 1000-2000ක් බිහිවෙලා තමයි මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ .”

Exit mobile version