මුල්ම වරට දෛනික කොවිඩ් මරණ 200 පනී… කොවිඩ් මරණ 8000 ඉක්මවයි…

කොවිඩ් මරණ 8000 ඉක්මවා ගියේය.  එමෙන්ම ශ්‍රී ලංකා කොවිඩ් ඉතිහාසයේ මුල්ම වරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 200 ඉක්මවූයේය.    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 209ක්  අද ( 26) වාර්තා කිරීමත් සමගය.

මිය ගිය අය අතර කාන්තාවන් හා පුරුෂයින් සියය ඉක්මවමින් වාර්තා විය. පුරුෂයින්  108 ක් හා කාන්තාවෝ 101 ක් වූහ.

ඒ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 163 ක් වාර්තා විය.


මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව  8157 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය  නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version