මුලතිව් සමූහ මිනී වලේ නඩුවට පෙනී සිටින නීතිඥවරුනට මරණ තර්ජන – කැණීම් ලබන 5 වැනිදා සිට යළි අරඹයි

දිනසේන රතුගමගේ

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන්ට මරණීය තර්ජන එල්ල වී ඇතැයි නීතිඥවරු පිරිසක් 31 දා මුලතිව් අධිකරණයට වාර්තා කළේය.

මෙම සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ නඩුව මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවස්ථාවේදී මෙම මරණීය තර්ජන පිළිබඳ අධිකරණයට   කරුණු වාර්තා කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ පොලිසිය  මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වල පිහිටි ස්ථානය මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ පරීක්ෂාවට ලක් වීමෙන් පසුව සැප්තැම්බර මස 5 වෙනිදා සිට එම සමූහ මිනි  වලේ කැණීම් කටයුතු යළි ආරම්භ  කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දෙන ලදී.


එදිනට සියලුම පාර්ශ්වයන්   කැණීම් සිදු කෙරෙන ස්ථානයට පැමිණෙන ලෙසටද  මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොකුතුඩුවායී සමූහ මිනී වල පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.වාසුදේව, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ප්‍රණවන්, නීතිඥවරුන් වන එම්. සුමන්තිරන්, වී.කේ.නිරන්ජන්, රනිතා ඥානරාසා, වී.එස්.ධනංජයන්, අතුරුදන් වූ කාර්යාලයේ නීතිඥවරුන් වන එස්. දුෂ්‍යන්දිනි, ජේ. දර්බරන්, මුලතිව් දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරී එම්. සෙල්වරත්නම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිලධාරී, කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් එම්. උමාමාල්, කිලිනොච්චි, කොකුතොඩුවායි ග්‍රාම  නිලධාරී, මුලතිව් විදුලි ඉංජිනේරු, කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. සමුතරජීව, මුලතිව් සහකාර පොලිස් අධිකාරී අශෝක පෙරේරා, කෝකිලායී පොලිස් ස්ථානය සහ අධිකරණ වෛද්‍ය පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා යන පිරිස සමඟ තවත් විශාල පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version