මුලතිව් පොළොවෙන් යුධ උපකරණ රැසක්

දිනසේන රතුගමගේ

නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව මුලතිව් උඩයාර්කට්ටුව ප්‍රදේශයේ වළලා තිබූ මෝටාර් උණ්ඩ 15 ක් ඇතුලු යුද උපකරණ රැසක් 8 දා සොයාගෙන තිබේ.

මෙම සෝදීසියේදී වළදමා තිබූ මිලි මීටර 60 සහ 81 යන ප්‍රමාණයන්ගෙන් යුත් බෝම්බ 02ක්, මිලි මීටර 120 ප්‍රමාණයේ මෝටාර් බෝම්බ 02ක්, මිලි මීටර 60 ප්‍රමාණයේ ඉලුමිනේෂන් පැරා මෝටාර් බෝම්බ 12ක් සහ හඳුනාගත නොහැකි තවත් එක් මෝටාර් බෝම්බයක කොටස් සොයා ගැනීමට හැකි වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙලෙස සොයා ගන්නා ලද මෝටාර් බෝම්බ නිශ්ක්‍රීය කිරීම කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත බාර දී තිබේ.

 

Exit mobile version