මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රිය අනතුරකින් මිය යයි!

දිනසේන රතුගමගේ –

වවුනියාව ඕමන්ත කල්ලිකුලම ප්‍රදේශයේ සිදු වූ  රිය අනතුරකින් මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ.අකිලේන්ද්‍රන් වෛද්‍යවරයා ඊයේ ( 27 ) සවස මියගොස් තිබේ. 

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ.අකිලේන්ද්‍රන්

ඔහු ගමන් කළ කැබ් රථය වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පසුව වෛද්‍ය අකිලේන්ද්‍රන්   කැබ් රථය තුළ සිර වූ අතර ඔහුව එළියට ගෙන වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමට  පොලීසියට හා ගම්වාසීන්ට විශාල කාලයක් ගත වී තිබේ.

සිහිසුන්ව සිටි වෛද්යවරයාව  ගිලන් රථයක ආධාරයෙන් වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් වන විට ඔහු මියගොස් සිට ඇත.

අනතුර සිදුවී ඇති අයුරු…

මුලතිව් සිට වවුනියාව දෙසට කැබ් රථය පදවා ගෙන ගොස් ඇත්තේ වෛද්‍යවරයා විසින්ම වන අතර ඉදිරියෙන් ගමන් කළ ත්‍රී රෝද රථයකට ඉස්සර කිරීමට යාමත් සමගම  කැබ් රථය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටමෙන් මෙම අනතුර සිදුවී තිබේ


මේ නිසා එම අනතුරෙන් ත්‍රී රෝද රථයටද හානි සිදුව ඇත

අනතුර හේතුවෙන් කැබ් රථයට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇති අතර එහි ඉදිරිපස කොටස කුඩුපට්ටම් වී ගොස් තිබේ.

ටිපර් රථයේ රියදුරා අනතුරෙන් පසුව  දිව ගොස් ඕමන්ත පොලීසියට බාර වී ඇත

අනතුර සිදුවී තිබෙන අයුරු…

මියගිය කේ. අකිලේන්ද්‍රන් ප්‍රාදේශීය සෞඛ් සේවා අධ්‍යක්ෂවරයා  මුලතිව් දිස්ත්රික්කයේ එම තනතුර බාර ගනීමට පෙර වවුනියව මහ රෝහලේ වෛද්‍ය අධිකාරී සහ සෙට්ටිකුලම වෛද්‍ය අධිකාරී තනතුර හොබවා තිබේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඕමන්ත පොලීසිය සිද්ධි ය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

Exit mobile version