මුලතිව් නාගන්සෝලෙයි රක්ෂිතයේ අක්කර 200ක එක ගහක්වත් නෑ… පොලිසිය අධිකරණයට දන්වයි..

වන විනාශයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීනුත් සම්බන්ධයි..

තණකොළ ගසක්වත් නැති රක්ෂිත බිමේ කොටසක්...

දිනසේන රතුගමගේ –

මුලතිව් මුල්ලීයවලෙයි නාගන්සෝලෙයි ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනයේ අක්කර 180 ත් 200 ත් අතර ප්‍රදේශයක සියළුම දැව දැව හොරුන් විසින් කපා දමා ඇති බව පොලීසිය 17 දා මුලතිව් අධිකරණය හමුවේ පැවසීය.

මේ වනයේ සිදුවන හානිය වාර්තා කිරීමට ගිය මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැව හොරුන් විසින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්  වූ නඩු විභාගයේදී මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත පොලීසිය සිදු කළ විමර්ශනයකින් පසුව එම තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබීය.

යනත්ම් වැඩෙන ගසුත් ලී මඩුව ට

මහේස්ත්‍රාත්වරයා විසින් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් පොලීසිය තවදුරටත් සදහන් කළේ වන සංරක්ෂණ නිලධාරීන් නොදැනුවත්ව මෙතරම් විශාල භූමි ප්‍රදේශයක දව කපා ප්‍රවාහනය කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි.


දැව ජාවාරම්කරුවන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දීමෙන් පසුව දැව විනාශය සිදු වූ ප්‍රදේශය පෞද්ගලික ඉඩම් බව පෙන්වීමට වන සංරක්ෂණ නිලධාරීන් උත්සහ කළ බවද අදාල නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රකාශ වුණි.

තැන තැන ඉතිරිව ඇත්තෙ පඳුරු පමණි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල නඩුව තවමත් විභාගයට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු ඇප මත නිදහස් කිරීමට මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

Exit mobile version