මුලතිව් කුරුඳුමලේ පුදබිමට ගිය මැදගොඩ අභයතිස්ස හිමි නිසා ටී.එන්.ඒ කලබල වේ…

දිනසේන රතුගමගේ –

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු තවත් බෞද්ධ හික්ෂූන් වහන්සේලා පිරිසක් ඇතුළු විද්වත් කණ්ඩායමක් මුලතිව් කුරුදුමලේ ප්‍රදේශයේ සිදුවන පුරා විද්‍යා කැණීම් නැරඹීමට ඊයේ ( 30 ) සවස එහි යාමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ පිරිස් කලබලයට පත්ව තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ළග සේවය කරණ ප්‍රචාරක නිලධාරීන්ව මාධ්‍යවේදීන් ලෙස හදුන්වා ඔවුන්වද භික්ෂූන් වහන්සේලා සමග  යාමට  එවා ඇතත් ඔවුන්ගෙන් එක් අයෙකුට හෝ ජනමාධ්‍ය හැදුණුම්පතක් නොතිබීම නිසා පොලීසිය ඔවුන්ට එහි යාමට අවසර ලබා දී නොමැත.

ඔවුන් ජනමාධ්‍යවේදීන් පිරිසක් නොවන නිසා භික්ෂූන් වහන්සේලාගේ ඡායාරූප ගැනීමට පවා ඔවුන්ට අවසර ලබා නොදීම සම්බන්ධයෙන්  දෙමළ ජාතික සන්ධානයේ  දේශපාලනඥයෝ කිපී සිටිති.


දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කිපදෙනෙකු දෙමළ ජනමාධ්‍ය අමතා ඔවුන්ගේ වාර්තාකරුවන්ට යාමට අවසර ලබා නොදීම ගැන විරෝධය පල කරණ මෙන් ඉල්ලීමක්ද කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු පිරිස මෑතකදී විදුර වික්‍රමනායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැණීම් ආරම්භ වූ මුලතිව් කුරුදුමලේ  විහාරාසන්න ප්‍රදේශය නිරීක්ෂණය කොට තිබේ.

 

Exit mobile version