මුදල් ඇමති බැසිල්ට එරෙහිව විශ්වාසභංගයක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. කඩා වැටී ඇති ආර්ථික තත්ත්වය පිළිබඳව හෝ රටේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මුදල් ඇමතිවරයා ලෙස ඔහු පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ඒමට නියමිත බව සමගි ජන බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

මෙම යෝජනාවට සහය ලබා ගැනීමට විපක්ෂ දේශපාලන පක්ෂ සහ ආණ්ඩුව තුළ ඔහු ගැන කලකිරී සිටින දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු තවදුරටත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට දිගින් දිගටම කඩා වැටෙන තත්ත්වයක් තුළ මාස තුනක පමණ කාලයක් තිස්සේ මුදල් අමාත්‍යවරයා පාර්ලිම්න්තුවට පැමිණ මේ ගැන දැනුවත් කර නොමැති බව පැවසූ තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනයකම මෙවැනි අවස්ථාවක රටේ ආර්ථිකය පිළිබඳව මතුවන කරුණුවලට අමාත්‍යවරයා පිළිතුරු දිය යුතු බව අවධාරණය කළ අතර අද එවැන්නක් සිදු නොවන බවත් ඒ අනුව මුදල් අමාත්‍යවරයාගේ වගකීම් පැහැර හැර ඇති බවත් ඔහු පැවසීය.


Exit mobile version