මුදල් ඇමතිගෙන් බය හිතෙන කතාවක් – සංචිත ඩොලර් මිලියන 50ට හිඳෙයි!

ශ්‍රි ලංකාවේ ආර්ථිකය මේ වනවිට අති භයානක උවදුරකට ආසන්න වී ඇති බවත් දැනට රට සතුව භාවිතයට ගත හැකි විදේශ සංචිත ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් පමණ බවත් මුදල් අමාත්‍ය අලි සබරි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ආර්ථික පසුබෑමට මුල් වූ ප්‍රධාන කරුණක් වූ වර්තමාන රජය බලයට පැමිණි පසුව සිදු කරන ලද බදු අඩු කිරීමේ පියවර ඓතිහාසික වැරැද්දක් බවද ප්‍රකාශ කළේය.

පවතින අර්බුදය හමුවේ මූල්‍යාධාර ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තමන් සිදුකළ සාකච්ඡා පිළිබඳ වද එහිදී පාර්ලිමේන්තුවට කරුණු දැක්වූ මුදල් අමාත්‍ය අලි සබ්රි මෙම සාකචඡා සාර්ථක වූ බවත් ඉදිරියට ඇත්තේ එම ණය ලබා ගැනීමට අදාළ පූර්ව කටයුතු පිළියෙළ කිරීම බවත් සඳහන් කළ අතර එහිදී පවතින ණය ප්‍රතිව්‍යූහගත කිරීම රාජ්‍ය ආදායම් වැඩි කිරීම සහ වියදම් අඩු කිරීම සම්බන්ධයෙන් වැඩ අවධානයක් දැක්විය යුතු බව ද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මුදල් අමාත්‍යවරයා


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අවශ්‍ය ණය ලබා ගැනීමේ මූලික පියවර අවසන් වීමට අඩුම තරමින් මාස හයක්වත් ගත වෙවි. මේ අතර කාලය තුළ ශ්‍රි ලංකාවට අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපට ජාත්‍යන්තර ආයතනවලින් රටවල්වලින් උදව් ගන්නට සිදුව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රි ලංකාව යාම පිළිබඳව විරෝධය දැක්වූ චීන තානාපතිතුමා මම හමුවුණා. ඔහු සාකච්ඡාවෙන් පසු අපේ ණය ලබා ගැනීමේ වැඩසටහට චීනයේ සම්පූර්ණ සහයෝගය පළ කළා. ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන මූල්‍ය සහනයක් වන කඩිනම් මූල්‍ය උපකරණ (Rapid Financing Instruments) තුළින් හදිසි මූල්‍ය ආධාර ලබා ගැනීමට සහය පළ කළා. ඒ මුදල් ලබා ගැනීමටත් අපට අපේ ණය ප්‍රතිව්‍යූහගත වැඩපිළිවෙළ සාර්ථක විය යුතුයි. ඉන්දියාවෙන් අපට ලැබුණු ඉන්ධන ණය යෝජනා ක්‍රමයට අමතර ව තවත් ඩොලර් මිලියන 500ක ණය යෝජනා ක්‍රමයක් සහ ඩොලර් බිලියනයක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ ණය පහසුකම් ක්‍රියාත්මක කර තිබෙනවා.ලෝක බැංකුව මේ වනවිට ඩොලර් මිලියන 400ක ණයක් ලබා දී තිබෙන අතර එය මිලියන 700ක බවට පත් කර ගැනීමට අප සාකච්ඡා කරනවා. මේ වනවිටත් එම මුදල්වලින් රටේ අසීරුතා ඇති පවුල් මිලියන 3.3කට සහන සලසා දීමට අප තීරණය කර තිබෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙනුත් ආධාර ඉල්ලා තිබෙනවා“ යැයි සඳහන් කළේය.

Exit mobile version