මීනගයා දුම්රියේ දරුවා අත්හල සැකකාර කාන්තාව ඉදිරියේ තබාගෙන මීඩියාවලට වැඩ දැමූ බණ්ඩාරවෙල HQI ට විනය පරීක්ෂණයක්!

දෙරණ –

සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සහ ඇය අපහසුතාවට පත් වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එම පරීක්ෂණය ආරම්භ කර තිබේ.


අදාළ බිළිදාගේ මව පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැළකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එම පරික්ෂණය පැවැත්වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහත දැක්වෙන්නේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ ප්‍රාථමික හැසිරීමය.

Exit mobile version