මීඩියා ඉස්සරහට ඇවිත් බයිලා කියන ලිට්‍රෝ සභාපති ගහලා පැන්නිය යුතුයි… ලන්සාගෙන් යෝජනාවක්…

තම වගකීම නිසි ලෙස ඉටු නොකර මාධ්‍ය ඉදිරියට ගොස් බයිලා ගසන ලිට්‍රෝ සභාපති  “ගහලා පන්නා දැමිය යුතු“    බවත්,  සමහර ආයතන සභාපතිවරුන් ලෙස පත් කර ඇත්තේ    කිසිම වගකීමක් ගත නොහැකි කිසිවකට වග නොකියන දුර්වල පුද්ගලයින් බව ආණ්ඩුව තුළ සිටියත් ප්‍රකාශ කරන බවත්   ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප්‍රකාශ කරයි.

මාධ්‍යවෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මෙසේ ද පවසයි“

මම දැක්කා ඔය ලිට්‍රෝ සභාපති තුමා හැමදාම ඇවිත් බයිලා ගහනවා මීඩියාවලට. බයිලා ගහන්න දෙයක් නෑ සභාපති තුමාට. මේ ගෑස් ටික නියමිත විදිහට සපයන්න ඕන. සපනය ගෑස් ප්‍රමිතියෙන් සපයන්න ඕන. එහෙම නැතිනම් තමුන්ට තනතුර දාලා යන්න පුලුවන්.“


“එහෙම නැතිනම් ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ මනුස්සයා ගෙදර අරින්න ඕන කියලා.“

“මිනිස්සු ගෙවල්වල ගිනි අරගෙන තියෙන්නෙ. ගෙවල් ගිනි ගන්නවා. ගිනි ගන්න ගෑස් එක ගන්න අව්වෙ කර වෙනවා. අඩුවට දෙසැම්බර් ගෑස් දෙනවා කිව්වනෙ. රටේ මිනිස්සුන්ට ලොකු පොරොන්දුවක් දුන්නනෙ. “

“ඊයෙ මගෙ නෝනත් ඇහුවා ගෑස් එකක් කොහෙන්ද ගන්නෙ කියලා.    මේවා අපට පේනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා තියන්න නෙමෙයි ඔය ලිට්‍රෝ සභාපති වෙලා ඉන්නෙ. ගහලා එලවන්න ඕන මමනම් කියන්නෙ…“

 

 

 

Exit mobile version