“මීට වඩා හාල් මිල වැඩිවෙන්නෙ නෑ!“ ඩඩ්ලි හාල් මිල සහතික කරයි…

නිශ්පාදනය අඩු වෙලා මිල වැඩිවීම මගෙ වරදක් නෙමෙයි - ඩඩ්ලි සිරිසේන...

ලලිත් චාමින්ද –

සහල්මිල තවදුරටත් වැඩිවන්නේ  නැති බවත්  මෙය උපරිම මිල බවත්  අරලිය සමුහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන ෙපවසයි. 

ගාල්ල හෝල්ඩ්ගොල් ශාලාවේ දි ඊයේ (11) පස්වරුවේ   පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්  ඔහු මේ බව සඳහන් කළේය.

 මෙහිදි තවදුරටත් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන   මේසේද කිවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“තවදුරටත් සහල් මිල ඉහල යාමක් සිදුවන්නේ නැහැ. සහල් මිල පාලනය කිරිම සඳහා වැඩියෙන් වි වගා කළ යුතුයි. රටේ වි නිෂ්පාදනය අඩුවිමේ වගකිම  මට ගන්න බැහැ. එක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි.  කාබනික පොහොර හොඳ වැඩපිළිවෙළක්. එය කළ ආකාරයේ ප්‍රථිපල තමයි මේ දක්නට තියෙන්නේ.“ යැයිද  ඩඩ්ලි සිරිසේන මහතා සදහන් කළේය..

Exit mobile version