මීගමුව ප්‍රාදේශීය ලේකම් නිල නිවස තුළ ගෙළ වැල ලාගෙන මිය යයි!

මීගමුව ප්‍රාදේශීය ලේකම් කේ. අයේෂ් පෙරේරා සිය නිල නිවස තුළ  අද (31) උදේ  ගෙල වැල ලාගෙන මිය ගොස් තිබේ.  

විවාහකයෙක් වූ  42 හැවිරිදි  ප්‍රාදේශීය ලේකම්වරයා නිල නිවසේ ජීවත්වී ඇත්තේ තනිවමය.  දැනට හෙළි වී ඇති ආකාරයට ඔහු ඊයේ දිනයේත් රාජකාරි සඳහා වාර්තා කර තිබේ. අද උදෑසන ද තමන්ගේ මූලිකත්වයෙන්  පැවැත්විය යුතු රැස්වීම් කීපයක් සංවිධානය කිරීමට   ඔහු    දුරකථන මාර්ගයෙන් කටයුතු කර ඇත.  මරණය සිදුවී ඇත්තේ එම රැස්වීම් සංවිධානයෙන් ද අනතුරුව බව හෙළි වී තිබේ.

මුලින්ම  ප්‍රාදේශීය ලේකම්වරයා මිය ගොස් ඇති ආකාරය දැක ඇත්තේ ඔහුගේ රියදුරුය.  රාජකාරි සඳහා ඔහුව  රැගෙන යෑමට   නිල නිවසට පැමිණි රියදුරා     සිවිල් ඇඳුමින්ම  නිවසේ කාමරයක් තුළ ගෙල වැල ලාගෙන මිය ගොස් ඇති ප්‍රාදේශීය ලේකම්වයාව දැක තිබේ.

සේවකයා වහාම පොලිසියට මේ සම්බන්ධව දන්වා ඇත. පොලිසිය කියන්නේ එම ස්ථානයට   යනවිට ප්‍රාදේශීය ලේකම්වරයා  බාල්කයක එල්ලී මිය ගොස් සිටි බවය. එම මරණය සම්බන්ධව මරණ පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව මරණ පරීක්ෂකවරයාගේ නියෝගය අනුව සිරුරු මීගමුව මහ රෝහල වෙත යොමු කර ඇත.


මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව මෙය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න නිගමනය කළ හැකි බව පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version