මීගමුව ගිනි තියන්නට දේශපාලන හයිය ගෙන මැරයෝ බසිති…

විනාශය වළක්වන්නට පැමිණ අසරණ වූ කතෝලික පිය නමක්...

කුඩු ජාවාරමට සම්බන්ධ යැයි විශ්වාස කරන මැරයෙක් සහ ප්‍රාදේශීය දේශපාලකයෙක් විසින් මෙහෙයවන කණ්ඩායමක් මේ වනවිට මීගමුවේ   විශාල විනාශයක් සිදුකර  ඇත. 

මේ වනවිට එම මැරයින් පළවා හැර තත්ත්වය පාලනය කිරීමට හමුදාව සමත් වී සිටී.

මීට දෙපැයකට පමණ පෙර  ගිනි තබා විනාශ කළ ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලය අසල සිට මෙම සන්නද්ධ මැරයින් විශාල ප්‍රමාණයක් ඉලක්ක කරගත් මුස්ලිම් කණඩායම් වෙත පහර දෙමින් ජාතිවාදී කෝලාහලයක් ඇතිකිරීමට සැරසෙමින් සිටියහ.

දළුපොත කැලෑ මුවා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් සහ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්  විසින් මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන බවත් ඔහු ප්‍රදේශයේ බලවත් දේශපාලකයෙකුගේ ආධාරකරුවෙක් බවත් එම ස්ථානයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් පැවසිනි.


මේ පිරිස සිදුකරමින් යන විනාශය වළක්වා ගැනීම සඳහා සිංහල ජනතාව මෙන්ම කතොලික පියවරු පිරිසක් මැදිහත් වූහ.

මෙම මැරයින් ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න්ස් හෝටලයේ සිට මීගමු පාර තෙක් මග දෙපස නවත්වා ඇති සියලුම වාහන   ගිනි බත් කළහ.  පසුව  මෙම ස්ථානයට හමුදාව පැමිණියේය.  තත්ත්වය දැන් පාලනය වී ඇත.

අතිශය නරක පූර්වාදර්ශයක් ඇතිවෙමින් තිබෙන බවත්, කුඩුකාරයින් පාතාල අපරාධකාරයින්, කොල්ලකාරයින් නීතිය අතට ගෙන  ව්‍යසනයක් සදහා සැරසෙන බවත් එම ස්ථානයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සියලු දේ පසුපස දේශපාලන මෙහෙයවීම් තිබිය හැකි බැවින් කල්පනාකාරීව මේ අවස්ථාවට මුහුණ දෙන ලෙස එම ස්ථානයේ සිටින කතෝලික පියවරු ඉල්ලා සිටිති.

Exit mobile version