මිහින්තලේ නා හිමි අසිහියෙන් වැතිරී කාන්තාවකට කුණු හරපයෙන් බනින වීඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් කරලා… නීතිය ක්‍රියාත්මක  කරන්නැයි නාහිමි පොලිසියෙන් ඉල්ලයි!

මිහින්තලේ රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්රතන හිමියන් අසිහියෙන් වැතිරී ලිංගික ක්‍රියාකාරකම් සිහි කමින් කාන්තාවකට දුකරථනය ඔස්සේ කුණුහරපයෙන් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා ලෙස ධම්මරතන හිමියන් මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ධම්මරතන හිමියන් පොලිසියට පවසා ඇත්තේ පසුගිය 01 වැනිදා තමන්ට නාඳුනන පුද්ගලයෙක් විසින් වට්ස්ඇප් ඔස්සේ දුරකථන ඇමතුමක් දී තමන්ගේ වීඩියෝවක් සහ හඬ පටයක් ඔහු සතුව ඇති බවත්, එම හඬ පටය සහ වීඩියෝ පටය සමාජ මාධ්‍යය වෙත මුදා නොහැකීරමට නම් රුපියල් කෝටියක මුදලක් අවශ්‍ය බවත් දන්වා ඇත.

එහෙත් ධම්මරතන හිමියන් එම මුදල ලබා දී නැත. ඉන් අනතුරුව පසුගිය 02 දා හෝටල් හිමිකරුවෙක්වන අජිත් එදිරිසිංහ නැමැත්තේක් එම වීඩියෝව සහ හඬපටය සමාජ මධ්‍යයට මුදා හැර නැවත එය ඉවත් කරගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පියුමි දුලීකා යන නමින් පවත්වාගෙන යන ෆේස් බුක් ගිනුමක මෙම හඬපටය සහ වීඩියෝව පල කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසටත් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.


Exit mobile version