මිලෙන් 42% කොමිස්.. ලංකාවෙ හදනවට වඩා ඖෂධ ආනයනය  ලාබයි. 

සෞඛ්‍යය වෘත්තිකයින්ගේ විද්වත් ආයතනය කියයි...

නතාෂා නෙත්මිණි                                                 

දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවාට වඩා විදේශීය වශයෙන් ඖෂධ ආනයනයන කිරීමෙන් විශාල මුදලක් ඉතිරිකර ගත හැකි බව සෞඛ්‍යවෘත්තිකයින්ගේ විද්වත් ආයතනය පෙන්වාදේ.

එක්තරා ඖෂධ වර්ග 4ක් ආනයනය නොකර මෙරට නිෂ්පාදනය කිරීම හේතුවෙන්  කෝටි  70ක පාඩුවක් රජයට සිදුවන බව හෙලිදරව් වී ඇතැයි විද්වත් ආයතනයේ කැදවුම්කරු රවී කුමුදේශ්   සඳහන් කරයි.

ඖෂධවල  මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දේශීය සමාගමක් ඖෂධ  නිෂ්පාදනය කිරීමේදී  වට්ටම් හා කොමිස් ලෙස සියයට 42ක මුදලක් ඖෂධයේ වටිනාකමට එකතු කරන බැවින් යැයි ද  හෙතෙම කියයි.


දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඇතිකර ගෙනතිබෙන ගිවිසුම් හේතුවෙන් එම ආයතන කොමිස් වට්ටම් ආදි ය දිය යුතු බැවින් ඒවා ඔවුන් ඖෂධයේ මිලට එකතු කීරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇතැයි ද පැවසේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

 

 

Exit mobile version