මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

පළාත් කිහිපයකට තද වැසි ඇතිවන බවත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මෙම තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට  උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහිර, සබරගමුව,  ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත්   ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක..


Exit mobile version