මිල්ලනිය විදුහල්පතිනිය ඇප මත නිදහස්…

ඒ.ජේ.ඒ. අබේනායක-

න්ති කාමරය තුළදී ගුරුවරියකගේ මුදල් පසුම්බියක් අස්ථානගත වීමේ සිද්ධියක් මුල්කරගෙන බණ්ඩාරගම  මිල්ලනිය ප්‍රදේශයේ පිහිටි පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම  ලබන සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි  චෝදනා එල්ල වී ඇති එම පාසලේ විදුහල්පතිනිය, මිල්ලනිය  පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේවින්ද පෙරේරා මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

පසුගිය 8 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නඩුව ලබන ජනවාරි 18 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන මූලික විමර්ශන මේ වනවිට අවසන් වී ඇති බවත් එලෙස පහරකෑමට ලක්වූයේ යැයි කියන පාසල් සිසුන් අතරින් කිහිපදෙනකු වෛද්‍ය පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය  නිලධාරියකු වෙත ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ භාරකරුවන්  අකැමැත්තක් දක්වන බවත් ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන් (13275) ලක්ෂ්මන්    අධිකරණයට පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බලා මිල්ලනිය විදුහල්පතිවරිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇප මත නිදහස් කිරිමට අධිකරණය නියෝග කළේය.


දිවයින – 

මේ ලිපියත් බලන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දරු පිරිසකට අමානුෂික පොලිස් ප්‍රහාරයක් එල්ලකරවීමේ චෝදනාමත රිමාන්ඩ් කළ මිල්ලනියේ විදුහල්පතිනියගේ වැඩ තහනම් !

 

Exit mobile version