මියන්මාර හමුදා පාලනය Twitter සහ Instagram ත් අවහිර කරයි

මියන්මාරයේ පාලන බලය අල්ලා ගැනීමේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව අන්තර්ජාලය තුළ අවහිර කරන ලද නවතම සමාජ ජාල වී ඇත්තේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ය. රටේ ප්‍රධාන අන්තර්ජාල සැපයුම්කරුවෙකු වන ටෙලිනෝර් තහවුරු කළේ “වැඩිදුර දැනුම් දෙන තුරු” වෙබ් අඩවි දෙකට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කරන ලෙසට නියෝග කර ඇති බවයි.

කුමන්ත්‍රණකාරී නායකයෝ සිය “ස්ථාවරත්වය” වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා ෆේස්බුක් අවහිර කළහ. ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අවුන් සාන් සු කී ඇතුළු නායකයන් නිවාස අඩස්සියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් සිවිල් ව්‍යාපාරයක් වර්ධනය වෙමින් තිබේ.

සරසවි ගුරුවරුන් සහ සිසුන් සිකුරාදා යැන්ගොන් නුවරට පැමිණ රටේ සැබෑ නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ (එන්එල්ඩී) පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට සහය පළ කළහ. හමුදා කුමන්ත්‍රණයට එරෙහිව යැන්ගොන් නගරය අඛණ්ඩව විරෝධතාවලට එක්වී තිබේ.


සූ කී නිවාස අඩස්සියේ සිටින බව ඇගේ නීතිඥවරයා පවසයි. පොලිස් ලියකියවිලිවලින් පෙන්වා දෙන්නේ ඇගේ නිවසේදී නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ – වෝකි ටෝකි ගෙන්වාගෙන භාවිතා කළ බවට චෝදනා ඇති බවයි.

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට විරෝධය දැක්වීමට ඔබ්බෙන් ගිය සංවිධානගත වීමේ ක්‍රියාවලිය හේතුවෙන් එරට තුළ සමාජ මාධ්‍ය අවහිර කිරීමට වත්මන් හමුදා පාලනය පියවර ගනිමින් සිටී.

අන්තර්ජාලය අවහිර කර ඇති අවස්ථාවක රටේ මූලික තොරතුරු හා ප්‍රවෘත්ති මූලාශ්‍රයක් වී ඇති ෆේස්බුක් හි පෙබරවාරි 1 කුමන්ත්‍රණය තථ්‍ය කාලීනව දිග හැරෙන බව බොහෝ මියන්මාර ජාතිකයින් දැක තිබේ. නමුත් දින තුනකට පසුව, හමුදා පාලනයේ ස්ථාවරත්වය හේතු කොට ගෙන සමාජ වේදිකාව අවහිර කරන ලෙස අන්තර්ජාල සැපයුම්කරුවන්ට නියෝග කරන ලදී. තහනමෙන් පසුව, දහස් ගණන් පරිශීලකයින් ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් හි හැෂ් ටැග් භාවිතා කරමින් අවහිර කළ
අන්තර්ජාල ඉඩ විරෝධය පළකිරීම උදෙසා යළි සොයා ගැනීමට කටයුතු කළහ. ප්‍රතිඑලය වූයේ සිකුරාදා එරට වේලාවෙන් 22:00 වන විට (GMT 15:30) එම වේදිකාවලට ප්‍රවේශ වීම ද ප්‍රතික්ෂේප වීමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුමන්ත්‍රණ නායකයින්ගෙන් ඒ පිළිබඳ නිල වචනයක් හෝ පවසා නැති නමුත් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය කියා සිටියේ තහවුරු නොකළ අමාත්‍යාංශ ලේඛනයක් තමන් දුටු බවයි. එමඟින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි දෙක “මහජනතාව අතර වරදවා වටහා ගැනීමක්” ඇති කිරීම සඳහා යොදා ගැනෙන බවට සඳහන් කර තිබී ඇත.

Exit mobile version