මියන්මාර මිලිටරිය සමඟ ඩීල් දැමූ ඉන්දියාවේ අදානිට දඬුවමක්!

එස් ඇන්ඩ් පී තිරසාරත්ව දර්ශකයෙන් අද සිට ඉවතට !

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා රජය විසින් තෝරා ගනු ලැබ ඇති ඉන්දියාවේ අදානි පෝට්ස්  සමාගම ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනයක් වන එස් ඇන්ඩ් පී ආයතනයේ සමාගම් පිළිබඳ තිරසාරත්ව දර්ශකයෙන් (S&P Sustainability Index) ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එයට හේතු වී ඇත්තේ එම සමාගම මියන්මාරයේ බලය අත්පත්කරගෙන සිටින මිලිටරි ජුන්ටාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම බව එස් ඇන්ඩ් පී ඩෝ ඩොන්ස් ආයතනය පවසයි. මානව හිමිකම් කැඩීම පිළිබඳව දැවැන්ත චෝදනාවලට ලක්ව සිටින මියන්මාර හමුදා රජය සමඟ ව්‍යාපාර සබඳතා පැවැත්වීම හේතුවෙන් එම වර්ගීකරණය ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එස් ඇන්ඩ් පී තිරසාරත්ව දර්ශකයට ඇතුළත් සමාගම්වලින් නිරූපණය කෙරෙන්නේ එම සමාගම් මත්ද්‍රව්‍ය වෙළෙඳාම අවි ආයුධ ජාවාරම , මානව හිමිකඩ් කැඩීම වැනි ක්‍රියාකාරකම්වලින් තොර සමාගම් බවට සහතික කිරීමය. එය එම සමාගම් කොටස් මත ලෝකයේ කොටස් වෙළෙඳපොල ආයෝජනය කිරීමේදී ආයෝජකයන්ට එම සමාගම්වල පාරිශුද්ධභාවය පිළිබඳව තීරණය කිරීමට බලපාන සාධකයක් ලෙස පිළිගැනේ. අද (15) දිනයේ එස් අන්ඩ් පී දර්ශකය විවෘත වීමට පෙර එම සමාගම ඔවුන්ගේ තිරසාරත්ව දර්ශක ලයිස්තුවෙන් අදානි පෝට්ස්  සමාගම ඉවත් කෙරෙනු ඇති අතර මෙයට ආසන්නම හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මියන්මාර රජයට අයත් සමාගමක් සමඟ යැන්ගුන් වරාය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන මිලියන 290ක ආයෝජන ගිවිසුමකට එලඹීමය. එස් අන්ඩ් පී සමාගම පසුගිය මාර්තු 31 වැනිදා මියන්මාර රජය සමඟ ආයෝජන ගිවිසුමකට එලඹීමට සාකච්ඡා කරන බව පැවසුණද මේ වනවිටත් එම සමාගමේ අනුබද්ධ සමාගම් විසින් මියන්මාර මිලිටරි රජයට බදු මුදල් ගෙවමින් මෙම ආයෝජනයට අදාළ පියවර ගෙන ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකාවේ කොළඹ  වරායේ පසුගිය දිනවල ආන්දෝලනයට ලක් වූ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ආයොජනය කිරීමට බලාපොරොත්තුව සිටියේ එම සමාගමයි. එසේ වුවද පැවති විරෝධතා හමුවේ එම ව්‍යාපෘතිය ඉන්දියානු සමාගමට ලබා නොදීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට පවා හේතු වූ අතර පසුව රජය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම අදානි සමාගමට ලබා දීමට එම සමාගම සමඟ එකඟතාවකට එලඹියේය.


Exit mobile version