මියන්මාර් ජාතිකයින් 104 මිරිහානෙන් යළිත් යාපනය බන්ධනාගාරයට…

දිනසේන රතුගමගේ –

මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි මියන්මාර් ජාතික වැසියන් 104 දෙනා යාපනය අධිකරණයේ නියෝගයක් මත හදිසියේම යාපනය බන්ධනාගාරය වෙත පෙරේදා ( 3 ) රාත්‍රී මාරු කොට තිබේ.

මේ පිරිස යාපනයට පැමිණීමෙන් පසුව ඔවුන්ව ප්‍රවාහනය කළ බෝට්ටුකරු තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කොට ඇති යාපනය මහේස්ත්‍රාත්වරයා මියන්මාර් ජාතිකයින් 104 දෙනා සම්බන්ධයෙන් පසුව තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කොට තිබේ.

මේ පිරිස මියන්මාරයේ සිට ඉන්දුනිසියාව බලා යමින් සිටියදී ඔවුන් ගමන් කළ බෝට්ටුව අනතුරකට ලක් වීම නිසා නාවික හමුදාව විසින් ඔවුන්ව මීට මාසයකට පමණ පෙර බේරා ගෙන කන්කසන්තුරේ පොලිසීසිය වෙත බාර දී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට මෙම මියන්මාර් ජාතිකයින් 104 දෙනා සරණාගතයින් වශයෙන් පලා ගිය පිරිසක් බවට රටවල් කීපයකින්ම දැණුම් දී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉක්මන් තීරණයක් ගැනීමට නියමිත බව යාපනයෙන් ලැබෙන වාර්තා වල සඳහන් වෙයි.


Exit mobile version