මියගිය හඳුන් දිවියෙක් තේ වත්තකින් හමුවෙයි

වාහනයක ගැටි මියගොස් සිටි හදුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තේ ගල් තලාවක් මත තිබි (17) දින හමු වු බව දිඹුල පතන පොලිසිය පැවසිය.

බෝගහවත්ත කෙනිල් වත්ත පාසල අසල තේ වත්තේ ගල් තලාවක් මත මිය ගිය හදුන් දිවියෙකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් විසින් දිඹුලපතන පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මතයි මිය ගොස් සිට හදුන් දිවියාගේ සිරුර සොයාගෙන ඇත්තේ.

නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහනයක ගැටි හදුන් දිවියා මද දුරක් දිවගොස් තේ වත්තේ ගල් තලාවක් මත මිය යන්නට ඇති බව දිඹුල පොලිසිය සැකකරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය හදුන් දිවියාගේ සිරුර ඉදිරි පරික්ෂණ කටයුතු සදහා නුවරඑළිය වනජිවි කාර්යාල නිලධාරින් වෙත දිඹුල පොලිසිය විසින් භාර දි ඇත.

Exit mobile version