මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

කොළඹ වේල්ල වීදියේ ගමන් බෑගය තිබී හමුවූ තරුණියගේ මළ සිරුර තම සහෝදරියගේම ද යන්න තහවුරු කර ගැනීමට ඇයගේ සහෝදරයා ලෙස සැලකෙන පුද්ගලයා අසමත් වී ඇති අතර මේ හේතුවෙන් ඔහුගේ සහ ඔවුන්ගේ මවගේ ඩී.එන්.ඒ සාම්පල මළ සිරුරේ සාම්පල සමඟ සංසන්දනයකින් ඔහුගේ සොහොයුරිය බවට නිශ්චිතව තහවුරු කර ගන්නා තෙක් පශ්චාත් මරණ පරීක්සණය අත්හිටුවීමට තීරණය වී තිබේ.

අද කොළඹ අධිකරණ වෛද්‍ය කාලර්යාලයේදී පැවැති මෙම මරණ පරීක්ෂණය සඳහා මිය ගිය බවට සැලකෙන දිලිනි නෙහන්සාගේ සහෝදරයා පැමිණ සිටියද සිරුර හිස රහිත වීම සහ වෙනත් දේහ ලක්ෂණ අනුව ඔහුට නිශ්චිත වශයෙන්ම මියගොස් සිටින්නේ ඔහුගේ සොහොයුරියද යන්න අනාවරණය කර ගත නොහැකි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් විමර්ශණවලට අනුව මෙම මළ සිරුර ගමන් බෑගයක බහා ගෙන ආ බවට හඳුනා ගත් ඊයේ රාත්‍රියේ බඩල්කුඹුරේදී සිය දිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා සමඟ හංවැල්ල ප්‍රෙද්ශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණිය මෙසේ මිය ගිය බවට සාධක පවතී. කුරුවිට ප්‍රදේශයේ වාසය කළ ඇයගේ සහෝදරයා මේ අනුව අද පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පැමිණ තිබේ.


Exit mobile version