මිනුවන්ගොඩ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණ කරන ජංගම අලෙවි රථ සේවයක් හෙට සිට…

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –

පසුගිය දින දෙක තුළ ඇති වූ සියලුම ව්‍යාකූළ තත්වයන් විසඳා හෙට (09) උදෑසන සිට ජංගම රථ යොදවා මිනුවන්ගොඩ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය කරමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළවෙළක් ක්‍රියාත්මක කරන බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්ශ්‍රීනි කුලතිකල ලංකාසරට පැවසීය.

සමූපකාරය, සතොස, ෆුඩ් සිටි ජාලය, කීල්ස් ජාලය අතුළු සුපරි වෙළෙඳසල් සම්බන්ධ කරගනිමින් දියත් කරන මෙම ව්‍යාපෘතියට අනුව  එක් එක් ආයතනවලට ග්‍රාම සේවා වසම් බෙදා දී ඇති බවත්  මේ ජංගම අලෙවි රථ වලින් අලෙවි කරන්නේ රුපියල් 1000ක් හා 2000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු පමණක් බවත් ප්‍රාදේශීය ලේකම්වරිය කීවාය.

සෞඛ්‍ය අංශවල මග පෙන්වීම යටතේ  මුදල් හුවමාරුව ඉතාම දැඩිව පාලනය කිරීමට කටයුතු කරන හෙයින් තමන්ට අවශ්‍ය බඩු මල්ල මිලදී ගැනීම සඳහා අවශ්‍ය නිශ්චිත මුදල  රැගෙන එන ලෙසත් මුදල් මාරු කිරීමක් සිදු නොකරන බවත් ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම් දුන්නාය.


එමෙන්ම නිරෝධායනය කර ඇති පවුල් සම්බන්ධ සංඛ්‍යා ලේඛන මේ වනවිට නියමිත අයුරින් ලැබී ඇති බව පැවසූ ලේකම්වරිය  නිරෝධායනය වූ සෑම නිවසකම ගේ දොරකඩට  රුපියල් දහසක බඩු මල්ලක් නොමිලේ ගෙනැවිත් දෙන බව ද කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොමැති හෙයින් එම කටයුත්ත සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා ගැනීමට තීරණය වී තිබේ.

 

Exit mobile version