මිනුවන්ගොඩට කොවිඩ් ආවේ ඉන්දියාවෙන් ද?

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ නිර්මාණය වූ කොවිඩ් පොකුරේ මූලාශ්‍රය බොහෝ විට එම කර්මාන්ත ශාලාවට මෑතකදී ඉන්දියාවෙන් ගෙන්වන ලද රෙදි බහාලුමක් විය හැකි බවට බුද්ධි අංශ අනුමාන කරයි .

බ්‍රැන්ඩික්ස් කම්හලේ සැපයුම්වලට සම්බන්ධ ඉන්දියාවේ පිහිටි කර්මාන්ත ශාලාවක් කොවිඩ් වසංගත හේතුවෙන් වසා දැමීමෙන් පසුව එම කර්මාන්තශාලාවේ සැකසෙමින් තිබූ ඇනවුම්වලට අදාළව ඉදිරි කටයුතු සඳහා එම කම්හලෙන් රෙදි ඇතුළු නිෂ්පාදන අමුද්‍රව්‍ය මිනුවන්ගොඩ කම්හලට ගෙනැවිත් ඇති අතර එම බහලුම්වල අඩංගු ද්‍රව්‍ය සමඟ කොවිඩ්-19 වෛරසය ද පැමිණියේ ද යන්න පිළිබඳ ඔවුහු සැක පළ කරති.

කෙසේ වුවද මෙම තත්ත්වය පිළිබඳ තවමත් නිශ්චිතව තහවුරු කරගෙන කර ගෙන නොමැති අතර ඊට වඩා මෙම ව්‍යාප්තියට බලපෑ මූලාශ්‍ර තිබේද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශනය කරමින් පවතී.


මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මූලාශ්‍රය පිළිබඳව වෛද්‍ය අංශයේ ඇතුළු බොහෝ පිරිසක් උනන්දු වන අතර ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ද මෙම පොකුර සමාජයෙන් ව්‍යාප්ත වූවක් ද නැතිනම් බාහිරින් පැමිණි මූලාශ්‍රයක් ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමය.

ඊයේ ජනපති කාර්යාලයේ පැවති පැවැති රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අදාළ බලධාරින් හමුවේ කියා සිටියේ තමන්ද පෞද්ගලිකවම මෙම වසංගතයෙන් මූලාශ්‍රය පිළිබඳ දැනගැනීමට දැන ගැනීමට මහත් උනන්දුවක් දක්වන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී ඔහු සඳහන් කළේ එය හඳුනාගැනීම රටේ කොවිඩ් පාලනය පිළිබඳ ඉදිරි කටයුතුවලදී ඉතා වැදගත් වන බවයි.

Exit mobile version