මිනිස්සුන්ට එන්ජින් ඔයිල් පොවන්න එපා… බලපතල විනාශයක් වෙයි… රනිල් කියයි

රටේ ජනතාව මෙරට ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරන ලද ඖෂධ පමණක් භාවිතා කිරීමට යොමු කළ යුතු   වුවත් ඔවුන්ට එන්ජින් ඔයිල් පොවන්නට යෑමෙන්  අවසානයේ සිදුවිය හැක්කේ සිතාගත නොහැකි විනාශයක්  යැයි  එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

කොවිඩ් වයිරසය සඳහා තහවුරු නොකරන ලද ඖෂධ සම්බන්ධයෙන් රජයේ ඇමතිවරුන් සමාජයට පණිවුඩ දීමට උත්සාහ කිරීම වැරිදි  බවත් ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්දන ඒකකයත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියත් එක්ව කොවිඩ් වෛරසය සඳහා ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පරීක්ෂණ කරන බවකී ඔහු ඊට සහය දැක්වීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්දැයි  ප්‍රශ්න කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ දියගම දී විශේෂ හමුවක් අමතමිනි.


Exit mobile version