මින් පසු සෑම මසකම පස්වැනිදාට ගෑස්වල මිල තීරණය වෙයි !

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෘහස්ථ එල්.පී   ගෑස් සඳහා සංශෝධිත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව යෝජනාවක් ඊයේ (08) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත. ඒ අනුව සෑම මසකම 05 වැනිදාට එම මිල සූත්‍රය මත පදනම්ව ගෑස් මිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල එකඟත්වය ලැබී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් කළ යෝජනාවකට අනුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Exit mobile version