මිත්‍යාවෙන් මරා දැමූ දැරියගේ මව සහ යද්දෙස්සිය රක්ෂිත බන්ධනාගාරයට…

කීර්ති ප්‍රනාන්දු –

අමනුස්ස දෝෂයක්  ඉවත් කිරීමට යැයි කියමින් නව හැවිරිදි දැරිකයට සිහි සුන්වනතුරු වේවැලෙන් පහර දී මරණයට පත් කිරීමේ සිදුවීම සම්බන්ධ සැක කාරියන් දෙදෙනාව මාර්තු 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල අද (01) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ මොහොමඩ් ෆාරුක් ලයිලා ෆාලීඩා සහ ෆාතිමා රිස්ෆා නැමැති  සැකකාරියන් දෙදෙනාය.

මිය ගිය දැරියගේ මව වන ෆාතිමා රිස්ෆා නැමැති දෙවන සැකකාරිය තම අවුරුදු 9 යි මාස 2ක් වයසැති දියණියව පළමු සැකකාරියවන ලයිලා ෆලීඩා නැමැත්තියගේ  නිවසට රැගෙන ගොස් ඇති බවත්, එම දැරියට අමනුස්ස දෝෂ්‍යක් ඇති බව පවසමින් එය පලවා හැරීමට වේවැල් 7ක් කැඩෙන තුරු පහර දී ඇති බවත් මීගහවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය


අමානුෂික පහර කෑමට ලක් වූ දැරිය සිහි සුන් වීම නිසා රාගම රෝහලට රැගෙන ගොස් ඇතුළත් කර ඇති බවත් දැරියව රෝහල්ගත කරන අවස්ථාව වනවිට දැරිය මියගොස් ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

සිද්ධිය පිළිබඳව වැඩිදු විමර්ශන සිදුකරන ලෙසත් එහි ප්‍රගතිය වාර්වක් සමග පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නඩුව කැඳවූ අවස්ථාවේ දී නඩු භාණ්ඩ ලෙස දැරියට පහර දීමට යොදා ගත් වේවැල් 07ක් මීගහවත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

Exit mobile version