මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට…

ඝාතනයට සැක කරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා...

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේ ප්‍රජාව තිගැස්මකට පත් කරමින්  එකම ස්තානයක  ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිමේ අපරාධය  සම්බන්ධයෙන්   පුද්ගලයින්  දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.           

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ එම අපරාධය සිදුවූ නිවස හිමි ශ්‍රී ලාංකක අඹුසැමි යුවලය.

පසුගිය  (22) දා රාත්‍රියේ  මැලේෂියාවේ   සෙන්තුල්හි,  ලෝවර්  කෝවිල් ගම්මානයේ පර්හෙන්ටියන් වීදියේ මෙම යුවලට අයත් නිවස තුළ   උක්ත  ත්‍රිපුද්ගල ඝාතනය සිද්ධ වී තිබිණි.  පසුගිය 23 වැනිදා මැලේසියානු පොලිසිය මෙම ශ්‍රි ලාංකිකයන්ගේ සිරුරු සොයා ගත්තේ දෙඅත් බැඳ,  හිස් ප්ලාස්ටීක් බෑග්වලින් ආවරණය කර ගොඩ ගසා තිබියදීය.

වින්දිතයින් දෙදෙනෙකු පරිශ්‍රයේ කාමරයක් කුලියට ගත් කුලී නිවැසියන් වන අතර තුන්වන ගොදුර මෙම යුවළගේ 20 හැවිරිදි  පුත්‍රයාය.  මිය ගිය පුද්ගලයින් තිදෙනාගේ  වයස අවුරුදු 20 සිට 40 දක්වා පරාසයක වේ.


ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී Datuk Allaudeen Abdul Majid මාධ්‍යයට කිවේ  ඝාතනය සිදු වීමට පෙර සැකකරුවන් දෙදෙනාම නිවසේ  දෙවන මහලේ  නැවතී සිටි බවත් ඝාතන සැකකරුවන් මාස හයක කාලයක් තිස්සේ මෙම නැවැසියන්ව හඳුනන බවත්ය.

මෙම ඝාතනය සැලසුම් සහගතව සිදුකළ එකක් බව පොලිසිය කීවේය.

ඝාතනයෙන්   පැය 24කට  පසු  ඝාතන සැකකරුවන් දෙදෙනාගේ ඡායාරූප නිකුත් කළ පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගැනිමට මහජන සහාය පැතුවේය.

ඒ අතර පොලිිසිය ඉතා දැඩි ලෙස සිය විමර්ශන තිව්‍ර කළේය.  නගරය සීරුවෙන් තැබුවේය.  ක්වාලාලම්පූර් හි පොලිස් ප්‍රධාන කොමසාරිස් Datuk Allaudeen Abdul Majid, සිද්ධිය පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට ඉදිරිපත් වන ලෙස කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු අවධාරණය කළේ  මේ අපරාධ සැකකරුවන්ට හැකි  ඉදිරිපත් වන ලෙසය.  මේ වනවිට පරික්ෂණය පහසු කර දැමිම සඳහා දැනට නිරුපද්‍රිතව සිටින නිවෙස් හිමි යුවල අරක්ෂිත බන්ධනාගාරගත කළ බව ක්වාලාලම්පූර් පොලිසිය පවසයි.

Exit mobile version