මැර පිරිසක් වව්නියාවේ උපන්දින සාදය මළ ගෙයක් කළ හේතුව හෙළි වෙයි…

තොරතු ගත හැකි සියලු දෙනාම පිලිස්සුම් තුවාල ලබා අසාධ්‍ය මට්ටමේ... පොලිසිය මැරයින් කොටු කරගැනීමේ ගටලුවක!

දිනසේන රතුගමගේ –

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසකට මැර ප්‍රහාරයක් එල්ල වූයේ මැරයින්ට අවශ්‍යව සිටි ඔවුන්ට විරුද්ධ තවත් ප්‍රබල මැරයෙකු සොයා පැමිණි අවස්ථාවේදී බවට පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

නමුත් නිවසට මැර කණ්ඩායම පැමිණෙන විට ඔවුන් සොයා පැමිණි මැරයා සාදයට සහභාගී වී ආපසු ගොස් ඇති නිසා කෝපයට පත් මැරයින් නිවසට ප්‍රහාරය එල්ල කොට ඇති බවට විශ්වාස කෙරෙයි.

මරා පිළිස්සූ තරුණිය…

මුලින්ම මැරයින් පිරිස වෙස් වළාගෙන නිවසට ඇතුළු වන විට ඔවුන්ව   දුටු 21 හවිරිදි තරුණිය මහ හඩින් කෑ ගසන්නට වූයෙන් එම ස්ථානයේ විශාල කලබලයක් ඇති වේ යයි යන සිතා මැරයින් ඇයට පිහියකින් ඇන  පසුව ගිනි තබන්නට ඇතැයිද පොලිසිය සැකකරයි.

නිවසට ඇතුළු වූ මැරයින්  එක්   නමක් කියමින් ඔහු එම නිවසේ සිටිනේදැයි විමසා ඇතැයි විමර්ශන අංශ කියයි.


ඒ අවස්ථාවේ නිවසේ සිටි සියළුම දෙනා පිළිස්සුම් තුවාල ලබා බරපතල   තත්ත්වයක සිටින නිසා පොලිසියට සිද්ධිය වූ ආකාරය දැන ගැනීමට අසීරු වී තිබේ. එබැවින් ප්‍රහාරයට පැමිණි මැරයින් හඳුනාගෙන ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට විශාල බාධාවක් ඇති වී තිබේ.

ගිනිබත් කළ නිවස…

පැමිණි කණ්ඩායම නම කියා සෙවූ පුද්ගලයා ද   වවුනියාවේ මැරයෙකු වශයෙන් ප්‍රසිද්ධ අයෙකු බවත් ඔහුද පුද්ගලයින් රැසකගෙන් කප්පම් ඉල්ලා කප්පම් නොදුන් තැන ඔවුන්ව කපා කොටා තුවාල සිදු කළ අයෙකු බවත්  පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මැරයින් විසින් ප්‍රහාරයක් එල්ල කොට තිබුණේ වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන සුරේෂ් නැමැත්තගේ නිවසට ය.

එම නිවසේ සාදයට පැමින සිටි සුරේෂ් ගේ ඥාතියෙකු වන  21 හැවිරිදි  ෆාතිමා සසීමා සයිදි මෙහිදි මියගිය අතර තවත් 10 දෙනෙකු තුවාල ලැබීය.

තුවාල කරුවන් දස දෙනාගෙන් හතර දෙනෙකුම වයස අවුරුඩු 15 ට අඩු ළමයින්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව පොලිසිය මෙම ප්‍රහාරය එල්ල කළ මැර කණ්ඩායම අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කීපයක්ම යොදවා සිටියි.

Exit mobile version