‘මැයි 09’ සැමරුමට එරෙහිව වාරණ නියෝගයක්!

2022 වසරේ ‘මැයි 09’ ජනතා විරෝධයට අදාළ සිදුවීම අනුස්මරණය කිරීමට සිටින විරෝධතාකරුවන්ට ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අද (9) තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වාරණ නියෝගය නිකුත් කර තිබේ.

කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම තහනම් නියෝගය නිකුත් කළේය.

එම නියෝගයට අනුව විරෝධතාකරුවන්ට කොළඹ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අරලියගහ මන්දිරය අවට ප්‍රදේශවලට  ඇතුළුවීම තහනම් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය වසරේ මැයි මස 09 දා  කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතාවයට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් පහරදීමත් සමඟ රට පුරා දැඩි නොසන්සුන්තාවයක් ඇති විය.

Exit mobile version