මැදගම හිමි කී ලෙස අන්තර්වාර පාලනයකට කැමැත්ත පල කර නෑ… ජනපති නා හිමිවරුන්ට ඉවසන්න කියයි!

ජනපති ලේකම් කෙනෙක් අත මහ නා හිමිවරුන්ට යැවු ලිපිය මෙන්න...

සංඝ සම්මුතියක් සම්බන්ධව කරන ලද අනතුරු ඇඟවීමෙන් මහා නායක හිමිවරුන් වෙත බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා අතේ ලිපියක් එවමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දන්වා ඇත්තේ අන්තර්වාර පාලනයක් සඳහා සිය කැමැත්ත නොව රට ස්ථාවර කිරීමේ සැලසුම සාර්ථක කරගැනීම සඳහා ටික කාලයක් ලබා දෙන ලෙසට කරන දැන්වීමක් බව වාර්තා වේ.

එම ලේඛණයේ දක්වා ඇත්තේ  මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහා නායක හිමිවරුන් මැදිහත් වී යම් කිසි ක්‍රියාමාර්ගයක් යෝජනා කරන්නේ නම්  ඒ සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ දායකත්වය ලබා දෙන බවය.

තමන් කටයුතු කරන්නේ ව්‍යවස්ථාව අනුකූලව බවත්, ජනතා අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම ව්‍යවස්ථාව තුළින්ම සිදුකර ගත යුතු බවත් දන්වා සිටින ජනාධිපතිවරයා මහා නායක හිමිවරුන් යෝජනා කර ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය  අහෝසි කරන්නේ පාර්ලිමේන්තුවෙන් බැවින් ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් යම් ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් ඊට සහයෝගය දෙන බව කියා තිබේ.

වර්තමාන තත්ත්වය සමනය කිරිම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා අමාත්‍ය ධුර ගනිමින් රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට උපකාර කරන ලෙස අවංකව කළ ආරාධනය දේශපාලන පක්ෂ පිළිනොගැනීම කණගාටුවට කරුණක් බව දක්වා ඇති ජනාධිපතිවරයා  අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව රටක් පාලනය කළ නොහැකි නිසා නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරගත් බව මහා නායක හිමිවරුන්ට දන්වා සිටී.


මුදල් ඇමතිවරයා ප්‍රමුඛ තමන් විසින්  පත්කළ විශේෂඥ කණ්ඩායම ආර්ථික ප්‍රශ්නයට විසඳුම් සොයන බවත්,  අමාත්‍ය මණ්ඩලය රටේ දැවෙන ගැටලු විසඳා නියමිත දිශානතියට රට රැගෙන ඒමේ වැඩසටහනක් දියත් කර ඇති බවත්, එහි  ප්‍රතිඵල එන තෙක් ටික කාලයක් ඉවසා වදාරන ලෙසත් ජනාධිපතිවරයා මහා නායක හිමිවරුන්ට ගෞරවෙයන් දන්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ලිපිය පහත දැක්වේ.

Exit mobile version