මැති ඇමතිවරුන්ගේ ලබන සතියේ ලොක් ඩවුන් යෝජනාවට ජනපති – අගමැති එකඟ නොවෙති!

දැඩි ඉන්ධන හිඟයක් හේතුවෙන් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ හෝ ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ   අද අමාත්‍යවරුන් වෙත  දැනුම් දුන් බව වාර්තා වේ.

පවතින දැඩි ඉන්ධන හිඟය කළමනාකරණය කරගැනීම සඳහා  ලොක්ඩවුන් හෝ ඇඳිරි නීති තත්ත්වයක් අවශ්‍ය නොවේදැයි  ඇතැම් මැති ඇමතිවරුන් සහ නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විමසා තිබෙන පසුබිමක අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා මෙම පිළිතුර ලබා දී තිබේ.

ලබන සතියේ තවත් ඉන්ධන තොගයක් මෙරටට පැමිණීමට නියමිත බැවින් එවැනි තත්ත්වයක් අනවශ්‍ය බව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ට සහ  නිලධාරීන්ට දන්වා ඇත.

කෙසේ වෙතත්, සඳුදා සිට සති දෙකක කාලයක් පාසල් සහ පොදු සේවාවන් සඳහා ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ. තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩේලි මිරර්-

 

Exit mobile version